
(අංජුල මහික වීරරත්න)
මිහින්තලේ මිහිඳු මහ සෑයේ කොත් නිරාවරණය කිරීමේ පින්කමේ ප්රධාන ආරාධිතාව ලෙස සහභාගී වූ තායිලන්තයේ නියෝජ්ය අගමැතිනියට නිසි ආරක්ෂාවක් නොදීමෙන් පෙනෙන්නේ මාලිමා රජයේ අපරිණත විදෙස් පිළිවෙත බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය.
මිහින්තලය මිහිඳු මහ සෑ රදුන්ගේ කොත්වහන්සේ නිරාවරණ පුණ්යෝත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ තායිලන්තයේ නියෝජ්ය අගමැතිනී සුපජී සුතුම්පුන් (Suphajee Suthumpun) මැතිණියගේ ශ්රී ලංකා සංචාරයේදී එතුමියට කිසිඳු රාජ්ය තාන්ත්රික පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් හෝ ලබා නොදීම මගින් මාලිමා රජයේ අපරිණත විදෙස් පිළිවෙත යළිත් තහවුරු කරනු ලැබිණ.
නිල වශයෙන් හෝ නොනිල ලෙස හෝ මෙරටට පැමිණෙන නායකයින්ට රාජ්ය තාන්ත්රික පිළිගැනීම සහ ආරක්ෂාව ලබාදීම සම්ප්රදායක් ලෙස සිදුකරනු ලබයි. මේ සම්ප්රදාය තවදුරටත් ඉදිරියට ගෙනයමින් බලයේ නොසිටි මහා බ්රිතාන්යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පවා හිටපු අග්රාමාත්යවරයාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට එවකට පැවැති රජය පියවර ගත්තේය.
මිහින්තලය මිහිඳු මහ සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණ පුණ්යෝත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තිය ලෙස සුපජී සුතුම්පුන් මැතිණිය සහභාගී වූයේ තායිලන්තයේ නියෝජ්ය අගමැතිනිය ලෙසය. එසේම ඉහත පූජෝත්සවය මෙරට බුද්ධ ශාසනයේ වැදගත් උත්සව අවස්ථාවක් ලෙස සැලකිණ.
තායිලන්තය අනාධිමත් කාලයක සිට ශ්රී ලංකාව සමග ළඟින්ම සිටින රටකි. තායිලන්තයේ සිට කොත් කැරැල්ල සහ චූඩා මාණික්ය වැඩමවීමට පියවර ගත් එරට නියෝජ්ය අගමැතිනියට මේ ආකාරයට කුඩම්මාගේ සැලකිල්ලක් දැක්වූයේ මන්දැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්යවරයා වහාම රටට කිව යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා පෞද්ගලික සංචාරයකට ආව එක තමයි හේතුව. ඉල්ලීමක් කරල, ගාස්තු ගෙව්වනම් දෙන්න වෙනවා. අඩුගානේ ඉන්වයිට් කරපු අය, උත්සවය සංවිධානය කරපු අයගේ වගකීම පැහැරහැරල දැන් රජයට මඩ ගහන්න හදනවා වගේ.
බෞද්ධ කටයුතු සම්බන්ඳයෙන් වෛරයෙන්, ද්වේශයෙන් සිටින, හුන්ඩු මානසිකත්වයකින් යුත් ත්රස්ථවාදීන් පිරිසකට ආන්ඩු බලය හිමිවෙලා.
අපේ රටේ දේශපාලුවන්ට ජීවිත තර්ජන තිබ්බ පළියට හිතන්න එපා ලෝකේ හැමෝටම යන යන තැනට STF වගේ ආරක්ෂාව අවශ්යයි කියලා. ලංකාවේ වගේ පාඩ ෂෝ පෙන්නන්න තරම් උන්මත්තකයෝ පිටරටවල්වල නැති බව මේ බූරු විපක්ෂය දැනගත යුතුයි. මේක බෞද්ධ ආගම දඩමීමා කරගෙන රටේ මිනිස්සු කුලප්පු කරවන්න හදන තවත් උත්සාහයක් බව සියලුදෙනා වටහාගන්න…!!!
කජු සීයගේ මොළය කචල් වෙලා එහෙම නැත්නම් කයිවාරු ගැහුවට ඔය මිනිහා දන්නේ නැහැ රාජතාන්ත්රික සම්බන්ධතා කොහොමද මෙහෙයවන්නේ කියල....
අපෝ මෙයාලට තියෙන ප්රශ්න නේද? එතුමිය උඹතුමාට ආරක්ෂාව මදි කියලා කිව්වද?
විදේශ කටයුතු අමාත්යාංශයට දැනුම්දී ආපු නිල සංචාරයක්ද, නැත්නම් පෞද්ගලික වැඩක්ද (රනිල් වගේ)?
ඕක කවුරුත් කියන්න දෙයක්ද? ඒ ආපු කෙනාට ආරාධනා කල අයවලුන්ම එන කෙනාගේ ආරක්ෂාව බලාගත යුතුයි. එක එකාට ඕනි ඕනි උන්ට එන්න කියන හැම වෙලාවේම රාජ්යය ආරක්ෂාව සපයන්න මේ රට බඩුවක් නෙවෙයි. තොපි මේ ආණ්ඩුවට කුඩම්මාගේ සැලකිල්ල දක්වනවා පෙන්වන්නයි රජය හරහා ආරාධනා නොකර වෙනමම ආරාධනා කලේ. එහෙම එකේ පුපේ අමාරුවක් නෑ පෞද්ගලික ආරාධනා වලට එන උන්ට ආරක්ෂාව සපයන්න
මොනා වුණත් රට ලෝකය ඉදිරියේ හෑල්ලු වෙනවා
ඔයා කතා කරන මිනිස්සුන්ගේ අපරිණතභාවය පේනවා මේ නිවේදනයෙන්. ආර්ථිකය හදන්න 2048 වෙනකම් ඉන්න කියපු මුත්තලා ඉන්න පක්ෂයක් ඔයා. දැන් ඔයාගේ පක්ෂේ ඉන්න මිනිස්සු ඒ පක්ෂේ නැති කරලාද දැම්මේ? දැන් අවුරුදු 30ක් විතර එකම නායකයා.
1948 නිදහස ලැබූ දා සිට, පළපුරුදු දේශපාලනඥයන් සහ විශේෂඥයන් විසින් රට පාලනය කරනව අපි දැකල තියනව