- ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 4.2 ක්
ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම කටුනායක අපනයන සැකසුම් කලාපයේ ඉදිකළ සිය නවතම නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේ මෙහෙයුම් පසුගිය දා නිල වශයෙන් ආරම්භ කළ බව පවසයි.
රුපියල් බිලියන 4.2ක ආයෝජනයකින් මෙම කර්මාන්තශාලාව ඉදිකර තිබේ. සමාගම අපනයනය සඳහා සිදු කරන අගය එකතු කළ අත්වැසුම් නිෂ්පාදන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට මෙම නව කර්මාන්තශාලාව හරහා බලාපොරොත්තු වන බව සමාගම සඳහන් කරයි. මේ හරහා ශ්‍රී ලංකාවේ ඉහළ වටිනාකමක් සහිත රබර් අපනයන හැකියාව තවදුරටත් ශක්තිමත් කරන බවත්, ඒ හරහා මෙරට විදෙස් විනිමය ඉපැයීම් ඉහළ දැමීමට දායකත්වය ලබා දෙනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

