(විනීතා එම් ගමගේ)
තේ වගාකරුවන්ගේ වාර්ෂික තේපැළ අවශ්‍යතාව සපයා දීමේ අරමුණින් තේ තවාන් 500 අලුතින් ආරම්භ කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පියවර ගනිමින් සිටින බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ලංකාදීපයට පැවැසීය.
පැළ මිලියන 20ක් වන මෙරට වාර්ෂිකව නිෂ්පාදනය වෙතත් මිලියන පණහක අවශ්‍යතාවයක් රටේ පවතින බව ද කී හේරත් මහතා තේ පැළ නිෂ්පාදනය පැල මිලියන පණහක් දක්වා වැඩි කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ යැයි ද කීය.
පෞද්ගලික අංශයේ සහයෝගිතාව ඇතිව කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාවට නංවන මෙම වැඩපිළිවෙළේ දී තෝරාගත් තවාන්කරුවන්ට රැපියල් ලක්ෂ පහක මූල්‍යාධාරයට අමතරව අධිකාරිය මගින් තාක්ෂණීක දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන බවත් හෙතෙම කියා සිටියේය.
උසස් ගුණාත්මක තත්ත්වයේ පැල නොමැති කම නිසා වගාකරුවන් විවිධ ගැටළුවලට මුහුණ දෙන බවත් ඇතැම්විට තත්වයෙන් බාල හොඳ අස්වැන්නක් නොදෙන තේපැළ වගාකිරීමට පවා පෙළඹෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
මෙම ව්‍යාපෘතියේ සෑම තේතවානක්ම අවම වශයෙන් තේපැළ 50000 සමන්විත වන අතර මෙම තේපැළයක් රුපියල් 25ක් බැගින් වූ මුදලකට කුඩා තේ වතුසංවර්ධන අධිකාරිය විසින් ඉදිරි වසර 3ක කාලය තුල මිලටගනු ඇත.
වසර 3ක ගිවිසුම් කාලයෙන් අනතුරුව සාධාරණ මුදලකට තේපැළ අලෙවිකිරීමට තවාන්කරුවන්ට අවස්ථාව හිමිවේ.