වසර 78 කට ඉහතදී, (1942 දී) කැළණිය පාලම අසළ බේකරියක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලෝකයට පිවිසි දේශමාන්‍ය කේ. එච්. ධර්මදාස මහතා විසින් ආරම්භ කරන ලද නවලෝක ව්‍යාපාරය අද වන විට සුවිසල් දේශීය ව්‍යාපාර ජාලයකි.
එම ව්‍යාපාර ජාලයේ මූලාරම්භය වූ පෑළියගොඩ නවලෝක හෝටලය සහ බේකරිය සියලුම නවීන පහසුකම් සහිතව සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමෙන් පසුව අද පෙරවරුවේදී යළි විවෘත කරන ලදි.
නවලෝක හෝටලය සහ බේකරිය නවීකරණය කිරීමෙන් පසුව එහි හිමිකරුවන් වන උපාලි ධර්මදාස මහතා සහ සන්ධ්‍යා ධර්මදාස මහත්මිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අයුරු
ඡායාරූප - ගයාන් අමරසේකර