නැගෙනහිර කුඩා - මධ්‍ය ව්‍යවසායකයන් දිරිගැන්වූ, Ruhunu Next Gen Tourism School Clubs 2026


ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


නැගෙනහිර පළාතේ’ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමක් ලෙස ඔවුන්ගේ අත්කම් නිර්මාණ, ආහාර සැණකෙළි හා සංචාරක ඉලක්ක ගත’ කර්මාන්ත ඇතුළත් ,Hands & Heritage East 2026, වෙළෙඳ  ප්‍රදර්ශනය හා සල්පිල මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ දින හතරක් පුරා පැවැත්වුණි.
නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘතවූ මෙම වෙළෙඳ ප්‍රදර්ශනය හා සල්පිල නැගෙනහිර පළාත් සභාවට අයත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවල ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව, සංස්කෘතික දෙපාර්තමේන්තුව හා පළාත් සංචාරක කාර්යාංශය ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දෙසීයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වෙළෙඳ ප්‍රදර්ශනය හා සල්පිලෙන් ඔවුන්ගේ’නිර්මාණ ඇතුළු ප්‍රදර්ශනවලින් වෙළෙඳපොළක් හඳුන්වා දීමද මෙහි ඉලක්කය වී තිබුණි.