පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක් පිරිනමමින් Daraz Sri Lanka 10.10 Shopping Fest ඇරඹෙයි



ඔක්තෝබර් 9 සිට 16 දක්වා පැවැත්වෙන Daraz 10.10 Shopping Fest හරහා පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම්, ආකර්ෂණීය දීමනා සහ තෝරාගත් බැංකු හරහා පහසු වාරික ගෙවීම් ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ.

Daraz Sri Lanka විසින් සංවිධානය කරනු ලබන 10.10 Shopping Fest සාප්පු සවාරි සැණකෙළිය ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 8.00 සිට ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඉලෙක්ට්‍රොනික උපකරණ, විලාසිතා, රූපලාවණ්‍ය නිෂ්පාදන, ගෘහ උපකරණ සහ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු පුළුල් නිෂ්පාදන රැසක් ආවරණය වන මෙම සැණකෙළිය හරහා පාරිභෝගිකයන්ට ප්‍රමුඛ සන්නාමවල විශේෂ දීමනා, වට්ටම් වවුචර් සහ තෝරාගත් බැංකු කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් සඳහා අමතර වට්ටම් රැසක් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

මෙම වැඩසටහන සඳහා elcius, Diamond, Anker, Aspor, Himalaya, Hemas, Unilever සහ Natures Beauty යන ප්‍රමුඛ සන්නාම එක්ව සිටී. මීට අමතරව Sharge, Tronsmart, Janet, COSRX, NutriMax Supplements, Herbal Bliss LK, Swisstek, Quantum Fitness, Moose, Amante සහ ProMate යන සන්නාමවල නිෂ්පාදන සඳහා ද විශේෂ දීමනා ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබේ.

Daraz 10.10 Shopping Fest සාප්පු සවාරි සැණකෙළිය ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 8.00 සිට ඔක්තෝබර් 10 වැනිදා අලු‍යම 2.00 දක්වා පැවැත්වෙන ‘Brand Rush Hour‘ විශේෂ දීමනා කාලසීමාව සමඟින් ආරම්භ වේ. පැය 6ක මෙම සීමිත කාලය තුළ සුදුසුකම් ලබන මිලදී ගැනීම් සඳහා KOKO හරහා අමතර සියයට 25ක වට්ටමක් හෝ සහභාගී වන බැංකු හවුල්කරුවන් හරහා අමතර සියයට 20ක වට්ටමක් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.

මෙම වැඩසටහන සඳහා ගෙවීම් සහ මූල්‍ය සේවා හවුල්කරුවන් ලෙස ලංකා බැංකුව, කාගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, LOLC ෆිනෑන්ස්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව , සම්පත් බැංකුව සහ යූනියන් බැංකුව එක්ව සිටී.

Brand Rush Hour විශේෂ දීමනා කාලසීමාව අවසන් වීමෙන් පසුව ද, ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වෙන සාප්පු සවාරි සැණකෙළිය තුළ KOKO  හරහා අමතර සියයට 12ක වට්ටමක් හෝ සහභාගී වන බැංකු හවුල්කරුවන් හරහා සියයට 10 සිට සියයට 15 දක්වා වට්ටම් ලබාගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ. මෙම වට්ටම් ප්‍රතිශත සහ ඒවා ක්‍රියාත්මක වන කාලසීමාව අදාළ ගෙවීම් සේවා හවුල්කරුවන් අනුව වෙනස් වේ.

මීට අමතරව, තෝරාගත් බැංකු හරහා මාස තුනක හෝ ඊට වැඩි කාලසීමාවක් සඳහා පහසු වාරික ගෙවීම් ක්‍රම ද ලබාදීමට නියමිතය. එමගින් සුදුසුකම් ලබන කාඩ්පත් හිමියන්ට තම මිලදී ගැනීම් සඳහා වැයවන මුදල වාරික වශයෙන් ගෙවීමේ පහසුව හිමි වේ. මෙම වාරික ගෙවීම් කාලසීමාව සහ සුදුසුකම් අදාළ බැංකුවල නියමයන් හා කොන්දේසිවලට යටත් වේ.

සාප්පු සවාරි සැණකෙළිය පුරාවට තෝරාගත් නිෂ්පාදන සඳහා Mega Deals, Hot Picks සහ Flat Discounts ඇතුළු විශේෂ දීමනා රැසක් පාරිභෝගිකයන්ට හිමි වේ.

නියමයන් හා කොන්දේසි අදාළ වේ. සියලු‍ම දීමනා, අදාළ සුදුසුකම්, අවම මිලදී ගැනීමේ වටිනාකම්, උපරිම වට්ටම් සීමාවන්, ගෙවීම් සේවා හවුල්කරුවන්ගේ කොන්දේසි සහ නිෂ්පාදන තොග පවතින ප්‍රමාණයට යටත් වේ.