බ්‍රිතාන්‍ය ආර්ථිකය පහළට


 ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවලදී බ්‍රිතාන්‍ය ආර්ථිකය 25%කින් පහත වැටී ඇත.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටුණු අතර බ්‍රිතාන්‍ය ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් පෙනී ගොස් තිබේ.

අප්‍රේල් මාසයේදී ආර්ථිකය  20.4%කින් ද මාර්තු මාසයේදී ආර්ථිකය  5.9%කින් ද කඩා වැටී ඇත. මෙම කඩාවැටීම 1997 වසරෙන් පසු බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැටුණු පහළම අගය යැයි ද පැවසේ.

පසුගිය 2019 වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍ය ආර්ථිකය  24.5% ක පහත වැටීමක් පෙන්නුම් කර ඇත.

අල්ජසීරා

055