මාතලේ ලොකු ලූනු මිලදි ගැනීම ආරම්භ කෙරේ


(මහේෂ් කිර්තිරත්න)

ලොකුළුනු වගා කරන ගොවියාට සහන සැලසීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ලොකුළුණු වගා කරන ගොවීන්ගේ අස්වැන්න කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු සම්පාදනය කොට ඇති බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා පැවසීය.


ඒ අනුව ලොකුළුණු වගා කළ ගොවීන්ගේ ප්‍රමිතියෙන් යුත් වියලි ලොකු ළුණු නාවුල කෝනගහවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානය, දඹුල්ල පැල්වැහැර වී අලෙවි මණ්ඩල ගබඩාව සහ ගලේවෙල කනාදන වී අලෙවි මණ්ඩල ගබඩා වලදී මිලදී ගැනීමට නියමිතය.

දඹුල්ල සහ ගලේවෙල ගබඩාවල ලොකු ළුනු මිලදී ගැනීම් මේ වන විටත් ආරම්භ කොට ඇති බවත් නාඋල මිලදී ගැනීම් මෙම 17 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවද පැවසූ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඉහත ගබඩාවලට ලොකුළුණු ගෙනවිත් දිය හැකි බව ද පැවසීය.

මේ පිළිබද වැඩිදුර තොරතුරු අදාල ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලබා ගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.