(හර්ෂණ තුෂාර සිල්වා)
විදේශවල සේවය කරන්නන්ගෙන් මෙරට ලැබෙන ආදායම් බලාපොරොත්තු නොවූ ආකාරයේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹදී අද (30) පැවැසීය.
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මේ වසරේදී විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ සියයට 15කින් අඩුවනු ඇතැයි මුලින් ඇස්තමේන්තු කළ ද එම අගය වෙනස් කිරීමට සිදුව ඇතැයි ද හෙතෙම කීය.
මුදල් අමාත්‍යාංශයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවැසීය. අවසන් මාස කිහිපයේදී විදේශ ප්‍රේෂණ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද මේ වසර අවසානයේදී පසුගිය වසරේ අගය ද ඉක්මවා යෑමට හැකිවනු ඇතැයි ද කබ්රාල් මහතා තවදුරටත් කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තාවකාලික දත්තවලට අනුව මේ වසරේ අගෝස්තු මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම්වල අගය රුපියල් බිලියන 122.9කි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එම අගය රුපියල් බිලියන 92.2ක් විය.