( තිළිණි ද සිල්වා )
කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9 ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය අද (08) පැවසීය.
මෙම ප්‍රදානය ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ද යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට සහතික වූ බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර අද (07)සංචාරක අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක් පවත්වා ඇති එහිදී යුරෝපා සංගම් තානාපතිවරයා මේ බව සහතික වී ඇත.
යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටියේ සංචාරක කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන කේෂ්ත්‍ර 07ක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, සංචාරක කේෂ්ත්‍රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම,කේෂ්ත්‍රයේ නියුතු ද වූවන්ගේ සෞඛ්‍ය හා පුහුණු කටයුතු, සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් මෙම ප්‍රදානය හිමිවන බවය.