සණස ලයිෆ් හිමිකම් නිකුතුවක් හරහා රු.බි. 1ක් රැස් කිරීමට යයි


සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත සිදු කරන හිමිකම් නිකුතුවක් හරහා රුපියල් 1,045,345,560ක් රැස් කර ගැනීමට සැලසුම් කර ඇතැයිද පවසයි. 

මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම ‍ඡන්ද හිමි කොටස් තුනක් සඳහාම අලු‍තින් කොටස් දෙකක් නිකුත් කිරීම සැලසුම වී ඇති අතර, නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 104,534,556 කි. එහිදී එක් හිමිකම් කොටසක් රුපියල් 10ක් බැගින් නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1 කි. සිය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම මෙම නිකුතුවේ අරමුණ බවත් සමාගම පවසයි.