නිළියක් නිරූපන ශිල්පිනියක් වීමට අද බොහෝ තරුණියන් ප‍්‍රිය කරනවා. ඒ නිසාම ඔවුන් ඒ අවශ්‍යතාව ඉටුකර ගැනීමට ඕනෑම විදියකින් පෙලඹෙනවා. පසුගිය කාල වලදී අන්තර්ජාලය හා ෆේස්බුක් වැනි සේවාවල ව්‍යාජ සිද්ධීන් කොතෙක් තිබුණද ඒවා දැක දැකම තවමත් රැුවටෙන තරුණියන් පිරිසක් සිටින බව අපට පැහැදිලියි.
එම නිසාම අපි ආචාර්යවරයකුගේ මග පෙන්වීම මත මෙවැනි බොරු දේවල් සඳහා යොමුවන පිරිස පිළිබඳ පර්යේෂණයක් සිදුකළෙමු. මේ පර්යේෂණයේ අරමුණ නම් අන්තර්ජාලයේ ‘නිරූපන ශිල්පිණියන්/නිළියන් අවශ්‍ය කර තිබේ’ යන දැන්වීම් වලට ඉතා අනුවණ ලෙස හසුවන පිිරිස සොයා ගැනීමයි. මෙහිදී ඒ සියලූම දෙනාගේ තොරතුරු ඉතා රහසිගතව අප තබාගත් අතර මෙවැනි අනුවණ ක‍්‍රියාවලට පෙළඹුණු පිරිස් නිවැරදි ලෙස දැනුවත් කර ඔවුන්ගේ අවසරය මත ඔවුන් මෙවැනි දේට යොමුවීමට හේතු සොයා ගත්තෙමු. අපගේ මේ පර්යේෂණය මගින් අපට අවශ්‍ය වූයේ මෙවැනි ව්‍යාජ දැන්වීම් අන්තර්ජාලයේ රොතුපිටින් තිබෙන නිසා එවැනි දේවල් වලට හසු නොවී සිටීම පිළිබඳව සමාජය දැනුම්වත් කීරීමයි.
ලංකාවේ නොමිලයේ අන්තර්ජාල ලූහුඬු දැන්වීම් පළකිරීමට ඉඩ ලබාදී ඇති ආයතන රාශියක් තිබෙන අතර ඉන් ඉතා ප‍්‍රචලිත ලූහුඬු දැන්වීම් පළකරණ වෙබ් අඩවියේ අපද එසේ ව්‍යාජ ආයතනයක් නමින් ‘නිරූපන ශිල්පිනියන් අවශ්‍ය තිබේ. ඉහළ වැටුප් සහ අමතර රැුකියාවක්’ ලෙස දැන්වීමක් නොමිලයේ පළ කළෙමු. ඒ සඳහා කැමති අයට තම තොරතුරු සහ ඡුායාරූප අප විසින් නොමිලයේ සදාගත් ප‍්‍රමුඛ සෙවුම් අඩවියක විද්්‍යුත් ලිපිනයක්ද පළ කළෙමු.
මේ දැන්වීම පළකොට පැය 24ක් යන්නට මත්තෙන් තරුණියන් දෙදෙනකු අප වෙත තම ජීව දත්ත තොරතුරු සහ ඡුායාරූප එවා තිබුණි. එහි වූ එක් තරුණියක් මහරගම අවට වූ අතර ඇය 21 හැවිරිදිය. රාජ්‍ය ආයතනයක සේවය කරන්නියකි. ඇය විසින් ගන්නා ලද විවිධ නිරූපන අවස්ථා සහිත ඡුායාරූප 4 ක් සහ ජීවදත්ත පතක් එවා තිබුණි. අනෙක් තරුණිය 24 හැවිරිදි වූ අතර ඇය සම්පූර්ණ ජීව දත්ත අයදුම්පතක් සමගින් ඇගේ පෙම්වතා ලවා ගත් නිරූපන ශෛලීන් හෙබි ඡුායාරූප 8ක් එවා තිබුණි. පසුව අප ඔවුන් දෙදෙනාටම වෘත්තීය ලෙස ආමන්ත‍්‍රණ සහ අවසන් කිරීම් වැකි යොදාගනිමින් ඉංග‍්‍රීසි භාෂාවෙන් පිළිතුරු පණිවුඩයක් යවා අපට ඔබලාගේ මුහුණ සහ තවත් වෙනස් ඡුායාරූප එවන ලෙස දැන්වීමු.
එලෙසම ඊළඟ පියවර සඳහා තෝරාගැනීමට ආයතන ප‍්‍රධානියාට ඡුායාරූප දීමට අවශ්‍ය බැවින් ඉක්මනින් එවන ලෙස දැන්වීය. පසුව ඊළඟ දිනයේදී කොළඹින් බැහැර තරුණිය ඇගේ තවත් ඡුායාරූප 15ක් එවූ අතර මහරගම තරුණිය ඇගේ ඡුායාරූප 3ක් එවා අපගේ ආයතනය ගැන කිසිත් නොදන්නා බව පැවසුවාය.
පසුව ඇයට අප ආයතනය මෙපමණ කල් තිබෙන අගනුවර ප‍්‍රධානම පෙළේ ආයතනයක් බව පවසා පිළිතුරු යැවීය. ඉන් පසුව වෙන කිසිත් නොඅසාම ඇය ඇගේ තවත් ඡුායාරූප අපට එවුවාය. එලෙසම අනෙක් තරුණියද නිරූපන ශිල්පිනියක් වීමට කැමති බව පවසා සුදුසුකම් නොමැති බවද පැවසුවාය. මොවුන් දෙදෙනාටම අවශ්‍ය වූයේ රූපවාහිනී දැන්වීමකට ඔළුව දමා ගැනීමටය. ඔවුන් ඒ සඳහා ඉතා ආසාවෙන් පෙළෙන තරුණියෝ වූහ.
ඒ අතරතුර තවත් තරුණයෙක් තමාගේ පෙම්වතිය රූපවාහිනි දැන්වීම් වල පෙනී සිටීමට පි‍්‍රය කරන බව පවසා ඇයට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලමින් ඇගේ ඡුායාරූප 7ක් අප වෙත එවා තිබුණි. එලෙසම ඔවුන්ගේ විස්තර හා මුහුණු පොතේ ලිපින ඉල්ලූ විගස අපට ලබා දුන් අතර අප ආයතනය හෝ අප පිළිබඳ කිසිත් විමසුවේ නැත. මේ අතර තවත් තරුණයින් දෙදෙනකුද විවිධ විලාසිතා ඡුායාරූප අප වෙත එවා තිබුණි.
නොමිලයේ පල කළ අපගේ දැන්වීම දින 7 කින් අයින් වන හෙයින් ඒ අවසන් දිනවලද තවත් වයස 20ක හා 23ක වත්පොහොසත්කම් ඇති තරුණියෝ අපට ඡුායාරූප එවූහ. ඔවුන්ට ද පෙර ලෙස තවත් ඡුායාරූප වෙනස් ශෛලීන්ට අනුව එවන ලෙස දැන්වූ ලිපි වලටද ක්ෂණිකව ප‍්‍රතිචාර ලැබුණි. මෙලෙස පර්යේෂණයට අදාළ දින 7 තුළදී තරුණියන් 11 දෙනකු සහ තරුණයින් තිදෙනකු ද අපට ඡුායාරූප එවා තිබුණි. මොවුන් කිසිවකුත් තමා ඡුායාරූප එවුවේ කාටද? ඔවුන් සිටින්නේ කොහිද? ඔවුන් කියන්නේ සත්‍යයක්ද? කියා සොයා බැලූවේ නැත. හුදෙක් රූපවාහිනී දැන්වීමකට, පුවත්පතක මුල් පිටුවේ නිරූපිකාවක් වීමට ආසා කළ හෙයින් වැඩිදුර විස්තර සොයාබැලූවේ නැත.
නොදන්නා නොදකින තෙවැනි පාර්ශ්වයකට තම ඡුායාරූප යවන්න එපා!
ව්‍යාජ ඵදාකසබට දැන්වීම් වලට නොරැුවටෙන්න.
අප මෙවැනි කටයුත්තක් සිදුකළේ අද සමාජයේ අනන්තවත් ව්‍යාජ ආයතන, ව්‍යාජ පෙම්වතුන්ට රැුවටුණ පිරිස ගැන ඕනෑතරම් තොරතුරු තිබෙන නමුත් තවමත් එවැනි ව්‍යාජ භාවයන්ට රැුවටෙන අය සිටීද යන්න සොයා බැලීමටයි. විශේෂයෙන් අන්තර්ජාලයේ මෙවැනි දැන්වීම් බොහෝ පළකර තිබෙනවා. කිසිම අවස්ථාවක යම් තත්ත්වයක් තිබෙන ආයතනයක් ඔවුන්ගේ දැන්වීම් මෙලෙස බාල ලෙස අන්තර්ජාලයේ පළකරන්නේ නැහැ. අප මෙම ව්‍යාජ බව කළේ සමාජයේ යහපත සඳහා ඒ බව හෙළිකරන්න. නමුත් මෙවැනි ව්‍යාජ දේවල් වලට මීටත් එහා හසුවන තරුණියන් කොතෙක් සිටිනවාදැයි සිතාගත නොහැක. එලෙසම හතු පිපෙන්නාක් මෙන් පළවන මෙවැනි දැන්වීම් පසු පස හඹාගොස් තම ජීවිත විනාශ කරගන්නා අනුවණ තරුණියන් තවත් කොතරම් සිටීද?
මෙවැනි දැන්වීමක් දුටු වහාම ඒ සඳහා අයදුම් කිරීමට ප‍්‍රථම එම ආයතනය පිළිබඳ විස්තර සොයා ගත යුතුය. විශේෂයෙන් එවැනි සෑම ප‍්‍රසිද්ධ හා සත්‍ය ආයතනයකටම තමන්ටම කියා වෙබ් අඩවියක් තිබේ. ඉතින් මේ තරුණියන් ප‍්‍රථමයෙන් ඔවුන්ගේ ආයතනය කුමක්ද? වෙබ් අඩවිය ලබා දෙන්න, ආයතනයේ සහතික කිරීම් මොනවාද? මීට පෙර ඔබල, දායක වූ රූපවාහිනී දැන්වීම් මොනවාදැයි විමසිය යුතුයි. අඩුම තරමේ ස්ථාවර දුරකථන අංකයක් ඉල්ලා එයට කතා කර බැලිය යුතුයි. මොවුන් සියලූ දෙනාම මෙවැනි කි‍්‍රයාමාර්ග කිසිවක් ගත්තේ නැත. නමුත් එක් අතෙකින් අපට තරමක් සතුටු විය හැක. ඒ මොවුන් කිසිවකු අඩ නිරුවත් ඡුායාරූප එවා තිබුණේ නැත. නමුත් ඔවුන්ගේ මුහුණු වල ඉතා පැහැදිලි ඡුායාරූප එවා තිබුණි.
අඩුම තරමේ මොවුන් දැනගත යුතුයි, මෙවැනි තමාගේ ඡුායාරූප නොදන්නා පාර්ශ්වයකට නොයැවීමට. ඡුායාරූප සංස්කරණය කොට විවිධ නීතිවිරෝධී කටයුතු සිදුකරන බව අද ඕනෑම මාධ්‍යයකින් දැනගත හැකියි. එත් මොවුන් කිසිවෙකු මේ නොදන්නා පර්ශ්වයකට යවන්නේ තමාගේ පෞද්ගලික ඡුායාරූප නේ්ද? මොවුන් මේවාට කුමක් කරයිද කියා නිකමටවත් සිතුවේ නැත.
ඉහත අදහස් හා නිගමනයන්ට අනුව අද සමාජයේ කොපමණ නරක අයහපත ගැන මාධ්‍ය වලින් දැනුවත් කරත් තවමත් සීනිබෝල කථාවලට රැුවටී තම පුද්ගලිකත්වය නොදැකපු නොදන්නා අයට ප‍්‍රකාශ කිරීමට තරම් පිරිසක් ලංකාවේ තවමත් ඉන්නවා. බොහෝ යහපත් ගති පැවතුම් තිබෙන තරුණියන් බොහෝ විට ෆේස් බුක් තුළ ඇයගේ තනි ඡුායාරූප පළ නොකරයි. එලෙසම අපහැදිලි වැනි ඡුායාරූප පළ කර යි. මන්ද එලෙස කිරීමෙන් තවත් කෙනෙකුට එම ඡුායාරූප සොරාගෙන ප‍්‍රයෝජනයක් නොමැති හෙයිනි. එලෙසම ඔවුන් තම පිටුවට දැඩි නීති තබාගෙන සිටිනවා. නොදන්නා කිසිවකුගේ පිළිගැනීමක් අනුමත නොකරන අතර අනවශ්‍ය චැට්, ෆේස් බුක් ආයතනයට වාර්තා කොට ඔවුන්ට වැට බඳිනවා. නමුත් මෙවැනි නිරූපන දැන්වීම් වලට රැුවටෙන තරුණියන්ද ඒ අතරම සිටිනවා.
අද අන්තර්ජාලය හරහා නොමිලයේ ලබාදෙන සේවා තුළ විශාල ලෙස ජාවාරම් සිදුවෙනවා. අප මෙවැනි කටයුත්තක් කළේ එවැනි දැන්වීම් බොහොමයක් දුටු නිසාවෙනි. එම නිසා අපද එවැනි දැන්වීම් වලට පිළිතුරු යවා ඔවුන්ගේ විස්තර, වෙබ් අඩවි, සම්බන්ධ වීමට ක‍්‍රම ඉල්ලූ නමුත් ඒ කිසිවෙකු ඒවාට පිළිතුරු දීමට අපොහොසත් විය. සමහරුන් අපට ඉතා පහත් යොජනා එවා තිබුණි. ඔවුන් මෙලෙස දැන්වීම් පළකොට තිබුණේ ඡුායාරූප එවන තරුණියන්ට ඊළඟට අපගේ ඡුායාරූප ශිල්පීන් හට ඇයගේ ඡුායාරූප (Photo Shoot) ගැනීමට අවශ්‍ය බව පවසා අහවල් ස්ථනවලට හැකිනම් තනිවම එන ලෙස දැන්වීය. ඒ එන විට නිදසුන් වශයෙන් එවා තිබුණ අඩ නිරුවත් ඇඳුම් රැුගෙන එන ලෙස දැන්වීය. ඔවුන් ප‍්‍රසිද්ධ කාන්තා සඟරාවල ප‍්‍රධාන ඡුායාරූප ශිල්පියන් බැවින් ඒ සඳහා සුදුසු ලෙස කටයුතු කරන ලෙස ව්‍යංගයෙන් අපට දැන්වූයේ ලිංගික අල්ලස් වැනි අසභ්‍ය ක‍්‍රියාවලට බව අපට සිතුණි.
මෙවැනි ව්‍යාජ ආයතන ලෙසින් පෙනී සිටින මානසික අසහන තිබෙන එක් පුද්ගලයකු හෝ කණ්ඩායම් වැඩකි ඒ. මෙවැනි ව්‍යාජ දැන්වීම් තවත් ඉදිරියේ පළවේවි. එම නිසා ඒවායින් අප සමාජය රැකගනු වස් අප මෙම පර්යේෂණයෙන් හෙළිදරුවු කළෙමු. විශේෂයෙන් නිළියක්, නිරූපිකාවක් වීමට උමතුවෙන් සිටින තම පෙම්වතියට, සහෝදරියට, යෙහෙළියට මෙවැනි ව්‍යාජ දෑ වලට හසු නොවීමට වග බලා ගන්න. මෙම කර්තව්‍ය හමුවේ අපට පිළිතුරු එවූ තරුණියන්ට අප කථා කොට අප කවුරුන්ද, කුමක්ද, මෙම පර්යේෂණය ගැන කියූ විට ඔවුන් සමහරෙක් හැඬූහ. ඒ මීට පෙරත් මෙවැනි දේ වලට රැුවටී ඇති බැව් සිතුණු නිසාය. සමහරු අපට මේවාට පදනම් වූ හේතු සාධක කියූ අතර ඒවා පළ කිරීමට කැමැත්තද ලබා දුන්හ.
අවිස්සාවේල්ලට නුදුරු තරුණියකගේ අදහස් මෙසේය.
‘‘මම ගොඩක් ආසයි Modeling වලට. ඒකයි මම දැක්ක ගමන් පින්තූර එව්වේ. මා වැඩිය හොයලා බැලූවේ නැත්තේ මාව තේරෙයිද නැද්ද කියලා හිතුන නිසයි. ඒත් කොහොමටත් මාව තේරුණා කියලා එන්න කිව්වහොත් අනිවාර්යෙන්ම යන්න කලින් ගිහින් බලනවා. පස්සේ තාත්තා එක්ක යනවා. එච්චර මම යවපු ෆොටෝ ගැන හිතුවේ නැත්තේ ඉතිං මං Facebook වලත් ඕන තරම් ෆොටෝ දාලා තියෙන හින්දයි.’’
‘‘මම මෙහෙම ෆොටෝ යවපු පළවැනි පාර. දැක්ක ගමන් ටක් ගාල ෆොටෝ ටිකක් අරගෙන යැව්වේ මාත් රූපවාහිනි දැන්වීම්වල ඉන්න ගොඩක් ආස නිසයි. අපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක් නම් දැන්වීම් වල රඟපානවා. ඉතිං මටත් ඕන වුණේ ඉක්මනට ඒ වලේ වෙන්න. ෆොටෝ යවපු එකේ බරපතල කම ගැන නම් හිතුවේ නෑ තමයි. ඒත් මම අනවශ්‍ය ෆොටෝ යැව්වේ නෑ. දැන්නම් මෙහෙම හිතද්දීත් මම පසුතැවෙනවා. එහෙම නොදන්නා අයට ෆොටෝ යවපු එක ගැන.’’ ඒ බොරලැස්ගමුව අවට අපිට අදහස් දැක්වූ තවත් තරුණියකි.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාවිච්චිකරන බොහෝ පිරිසට මෙවැනි දැන්වීම් දැකිය හැකිය. විශේෂයෙන් නොමිලයේ දැන්වීම් පළකරන වෙබ් අඩවි, ෆේස්බුක් වල පවතින විවිධ කණ්ඩායම් පිටු හා විවිධ ව්‍යාජ ආයතනික පිටු තුළ මෙවැනි ව්‍යාජ දැන්වීම් පළකොට ආර්ථිකමය හෝ ලිංගිකමය ප‍්‍රයෝජන ලබා ගැනීම අද නවීන හොරුන්ගේ ක‍්‍රමයයි. එම නිසා දුරදිග නොසිතන තම ආශාවට පමණක් ලොල්වී තම ජීවිත විනාශ කරගැනීමෙන් වැළකිය යුතුයි. මෙවැනි දැන්වීම්වල පළකොට පසුව දුරකථන අංක ඔස්සේ විවිධ ස්ථානවලට පැමිණෙන්න කියා දැන්වීම් වලට ගැනීමට නම් අයුතු ප‍්‍රයෝජන ලබා ගැනීමට ඉඩ දිය යුතු බව පවසයි. එහෙයින් අන්තර්ජාලයේ ව්‍යාජ දැන්වීම් වලට නොරැුවටී යහපතට පමණක් යොමුව නිවැරදි මාර්ගය තෝරාගෙන තම අනාගතය සැලසුම් කරන්න.
ගවේෂණයක් ඇසුරිණි