අනුරාධපුර විහාරහල්මිල්ලකුලමේ නිවසකදී එකම පවුලේ තිදෙනෙක් සහ තවත් මවක සහ පුතෙක් කපා කොටා ඝාතනය කිරීමට සම්බන්ධ බව කියන යුද හමුදාවෙන් පලා ගොස් සිටි සෙබළෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ පස් දෙනා ඝාතනය කර පැය 24ක කාලයක් යන්නට මත්තෙන් ඝාතකයා කොටුකර ගැනීමට හැකිවූයේ වෙන කිසිවක් නිසා නොව, පොලීසියේ ඇති දක්ෂතාවය හා මනා කැපවීම නිසාය. ඒ කැප කිරීම නොවන්නට මෙතරම් කෙටි කාලයකදී ඝාතකයා කොටුකර ගැනීමට නොහැකි වනු ඇත.
පස් දෙනා මරා දමා රුපියල් ලක්ෂ 2 1/2ක පමණ මුදලක් ද පැහැරගෙන අනුරාධපුරයේ සිට පැමිණ හසලක නගරයේදී බස් රථයෙන් බසිනවාත් සමගම ඝාතකයා කොටු කර ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ලග්ගල ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ජගත් කුමාර (32* නමැති හමුදාවෙන් පලා ගොස් සිටි සෙබළෙකි.
මොහු අවිවාහක අයෙකු වන අතර, ලග්ගල ප‍්‍රදේශයේ විහාරස්ථානයක ජීවත් වී ඇත.
පස් දෙනකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හමුදාවෙන් පලා ඇවිත් සිටි සෙබළාගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ අනුරාධපුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා විසිනි.
පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා අපරාධ විමර්ශන කටයුතුවලදී දක්ෂතා පෙන්වා ඇති උසස් පොලිස් නිලධාරියෙකි.
ප‍්‍රශ්න කිරීම්වලදී සැකකාර සෙබළා පවසා ඇත්තේ මෙවැනි කතාවකි.
මොහුගේ පාපොච්චාරණය පොලීසිය සටහන්කරගෙන ඇත.
![]() |
බරපතළ තුවාල ලැබූ කේ. ඒ. පියදාස සහ ඝාතනයට ලක්වූ ඔහුගේ බිරිය ඉන්දුමතී ශ‍්‍රියානි විවාහ වූදා |
![]() |
ඝාතනයට ලක්වූ ඉන්දුමතීගේ පුතා සුමිත් උදය කුමාර |
![]() |
ඝාතනයට ලක්වූ ඉන්දුමතීගේ දියණිය තක්ෂිලා කුමුදු කුමාරි |
![]() |
ඝාතනයට ලක්වූ පී. පේමාවතී |
මගේ තාත්තා මියගිහින්. අම්මා රට රැකියාවකට ගිහින්. අයියා කෙනෙක් ඉන්නවා. අයියත් එක්ක මගේ සම්බන්ධයක් නෑ. එයා කොළඹ පැත්තේ රස්සාවක් කරනවා. මට ඉන්න කියා ස්ථිර ගෙයක් දොරක් නැහැ. කාලයක ඉඳලා ඉන්නේ ලග්ගල පැත්තේ පන්සලක. (පන්සලේ නම කියයි* මම දවසක් ගමනක් ගියා පෞද්ගලික බසයකින්. ඒ බස් එකේ කොන්දොස්තර හැටියට වැඩ කළේ ඔය මගේ අතින් මැරුම්කාපු ප‍්‍රියන්ත. බස් එකේ ඉස්සරහා සීට් එකේ කෙල්ලක් වාඩිවෙලා හිටියා. මම කොන්දොස්තරගෙන් පෑනක් ඉල්ලාගෙන මගේ හෑන්ඞ් ෆෝන් එකේ නම්බර් එක කොලකෑල්ලක ලියා කොන්දොස්තරට දුන්නා ඉස්සරහා සීට් එකේ ඉන්න කෙල්ලට දෙන්න කියා. කොන්දොස්තර මම කියපු විදියට වැඬේ කළා. ඊට පස්සේ කොන්දොස්තරයි මමයි අතර මිත‍්‍රත්වයක් ගොඩනැගුණා.
සැකකාර සෙබළා දුන් ජංගම දුරකථන අංකයට තරුණිය කතා කර ඇති අතර පසුව ඒ දෙදෙනා අතර ඇය තරුණියක් නොව විවාහක එක් දරු මවක් බවට ඔහුට දැන ගැනීමට ලැබී ඇත්තේ ඇගෙන්මයි.
මේ කාන්තාවගේ වයස අවුරුදු 19කි. විවාහ වී සිටින්නේ හමුදා සෙබළකු සමගය.
සැකකරු මේ කාන්තාව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව බස් කොන්දොස්තර ප‍්‍රියන්ත ද කාන්තාවගේ නංගි කෙනෙක් සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.
පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් තොරතුරු හෙළිකරමින් සැකකාර හමුදා සෙබළා මෙසේ ද පවසා ඇත.
ප‍්‍රියන්ත මා දැන හඳුනාගෙන මාස 1 1/2කට වඩා නැහැ. ප‍්‍රියන්ත මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දීලා කිව්වා, අපි ඉඩම විකුණලා අනුරාධපුරේ පදිංචියට යනවා. ගෙදර බඩු ටික පටවාගෙන අනුරාධපුරේ යන්න එන්න කියා. මා ඔහුගේ ඉල්ලීමට එකඟ වුණා. මා කවමදාවත් ඔහුගේ නිවසට ගොස් තිබුණේ නැහැ. ලග්ගල ඉඳලා මම හසලක නගරයට ආවා. ප‍්‍රියන්ත මාව එක්කගෙන යන්න හසලක ටවුන් එකට ඇවිත් හිටියා. පසුව ලොරියකට බඩු පටවාගෙන අනුරාධපුරේ විහාරහල්මිල්ල කුලමේ ඔහුගේ ඥාතියකුගේ ගෙදර ගියා. බඩුටික ලොරියෙන් බාලා ඉවර වුණාට පස්සේ ලොරියේ රියැදුරා හා ක්ලීනර් මාත් ආපහු යන්න සූදානම් වුණා. පි‍්‍රයන්ත කිව්වා අද ඉඳලා හෙට උදේ යන්න කියා. ඔහුගේ ඉල්ලීම මත මම පියදාස කියන ඔහුගේ ඥාතියාගේ ගෙදර නතර වුණා. ලොරිය පිටව ගියේ පස්වැනිදා රාත‍්‍රි 7.30ට විතර.
ඒ ගෙදර තියන ගහක් යට බංකු තනා තිබුණා. ඒ බංකුවල වාඩිවෙලා පියදාස එයාගේ පුතා ප‍්‍රියන්ත එක්ක එකතු වෙලා අරක්කු බිව්වා. මම නම් එච්චර අරක්කු බිව්වේ නැහැ. පස්සේ අපි නිදාගන්න ගියා. මට නින්ද ගියේ නැහැ. මම නිදාගෙන හිටපු තැනින් නැගිටලා හිමින් සීරුවේ මුළුතැන් ගෙට රිංගලා මන්නා පිහියක් අතට ගත්තා. ගෙදර අය නිදාගෙන හිටපු තැන්වලට ගිහින් සේරටම මන්නා පිහියෙන් කෙටුවා.
සුවබර නින්දක සිටි පස් දෙනකුට මන්නා පිහියෙන් කොටා දැමූ සැකකරු ඊළඟට කර ඇත්තේ ප‍්‍රියන්ත හා ඔහුගේ මව ඉඩම විකුණා ගෙන මුදල් සඟවා ඇති ස්ථානය සොයා බැලීමට අල්මාරියක් කඩා එය අවුස්සා බලා ඇතත්, අල්මාරියේ ඒ මුදල් තිබී නැත.
සැකකරු ඇඳක් යට පරීක්ෂා කර බැලීමේදී බාස්කට් එකක තිබී සොයාගෙන එය විවෘත කර බැලීමේදී රුපියල් ලක්ෂ 2 1/2ක පමණ මුදලක් තිබී එය එතැනින් රැගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා තමන් කළ සහාසික ක‍්‍රියාව ගැන තවදුරටත් පොලීසියට පාපොච්චාරණය කරමින් මෙසේ ද කියා ඇතැයි පැවසුවේ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරියෙකි.
මේ වෙනකොට ? 12.00ත් පහුවෙලා. ඇෙඟ් ලේ ගෑවුන තැන් හොදාගෙන ඇඳගෙන හිටපු සරම හා කමිසය ගලවා දමා වැලේ දමා තිබූ දිග කලිසමක් හා කමිසයක් ඇදගත්තා. ඒගෙදර තිබුණ පා පැදියේ නැගලා දහියාගම හන්දියට ගියා. හන්දියේ කැඳ කඩයකින් කැඳ වීදුරුවක් අරගෙන බිව්වා. සිගරට් එකක් බිව්වා. පා පැදිය කඬේ ළඟ හේත්තු කරලා. කඬේ මුදලාලිට පොඞ්ඩක් ඒක බලාගන්න කියා පොඞ්ඩක් එහාට ගියා. ත‍්‍රීවිල් එකක් ආවා. ඒකේ නැගලා අනුරාධපුර අලූත් බස්ටෑන්ඞ් එකට ගියා. වව්නියාවේ ඉඳලා එන බස් එකක නැගලා රඹෑව හන්දියෙන් බැස්සා. එතකොට හොඳටම එළිය වැටිලා. මගේ හිතේ ඒ වෙලාව උදේ 6.30ට විතර ඇති. පැය භාගයක් විතර රඹෑව හන්දියේ ගත කළා. වව්නියාවේ ඉඳලා දඹුල්ල හරහා කොළඹ යන බස් එකකට නැග්ගා. දඹුල්ල නගරයෙන් ඒ බස් එකෙන් බැස්සා.
සැකකාර ඝාතකයා මෙසේ ද පොලීසියට පාපොච්චාරණය කර ඇත.
මගේ කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් තිබුණේ නෑ. ගෙදරින් කොල්ලකාගෙන ආ සල්ලිවලින් රුපියල් 1,500කට කැන්වස් සපත්තු දෙකක් අරගෙන දෙපයේ දාගත්තා. දඹුල්ලේ ජුවලරි ෂොප් එකකට ගිහින් බ්‍රේස්ලට් එකකකුයි, කුඩා මාල හතරකුයි ගත්තා. ඒ රන් බඩුවලට රුපියල් 80,000ක් වියදම් වුණා. මේවා ගත්තේ කොල්ලකාපු සල්ලිවලින්මයි. පස්සේ බ්‍රේස්ලට් එක අතේ දාගෙන මාල හතරම කරේ දාගත්තා.
රත්තරන් බඩුවලට මා හුඟක් ආසයි. ඒකයි මම මේ විදිහට කළේ. රත්තරන් බඩු ටික පැළඳගෙන බස් එකක නැගලා බකමූණට ආවා. බකමූණ නගරයේ හෝටලයකට ගිහින් දවල්ට බඩ පිරෙන්න බත් කෑවා. බකමූණේ බස් එකක නැගලා හසලක ඇවිත් බස් එකකින් බහිනවාත් එක්කම පොලීසියේ මහත්වරු කට්ටියක් මාව අල්ලා ගත්තා.
කොල්ලකා තිබූ මුදල්වලින් රුපියල් 1,53,000ක පමණ මුදලක් සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබී පොලීසිය සොයාගෙන තිබිණි.
කොල්ලකෑ සල්ලිවලින් මිලදී ගෙන තිබූ බ්‍රේස්ලට් එක හා රන් මාල 4 පොලිස් බාරයට ගනු ලැබීය.
ප‍්‍රියන්තගේ මිතුරාවූ මෙම සැකකාර සෙබළා ගැන මෙන්ම හසලක සිට අනුරාධපුරයට බඩු පටවාගෙන ආ ලොරියේ රියැදුරා ගැන හසලක පොලීසියට දැනුම් දී තිබුණේ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා විසිනි.
හසලක පොලීසියේ නිලධාරින් ලොරි රථයේ රියැදුරා හා සාහායකයාට හසලක පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබිණි.
ලොරි රථයේ රියැදුරා පොලිසියට පැමිණ ප‍්‍රකාශයක් ලබාදී තිබුණත් සහායකයා නොපැමිණි නිසා ඔහු රැගෙන ඒමට පිටත්ව ගියේ හසලක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමකි.
ලොරියේ සහායකයා ජීප් රථයේ දාගෙන පොලිස් ස්ථානය වෙත රැුගෙන එමින් සිටි අතරවාරයේ එදා තමන් සමග ලොරියේ බඩු පටවාගෙන ගිය පුද්ගලයා නගරයේ පිහිටි බස් නැවතුම්පොළෙන් බස් එකකින් බසිනවා නෙත ගැටී ඇත.
අන්න සර් අරූ තමයි එදා අපිත් එක්ක බඩු පටවාගෙන අනුරාධපුරේ ගියේ. මිනිහා ඒ ගෙදර නැවතුණා. අපි ආවා. යැයි කියා ජීප් රථයේ සිටි ලොරි සහායකයා පවසා ඇත.
පොලිස් ස්ථානාධිපති රුවන් කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායම වහා ක‍්‍රියාත්මක වී ඔහු අල්ලාගෙන ඇවිත් පසුව අනුරාධපුර මූලස්ථාන පොලීසියට බාරදී ඇත.
උතුරු මැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි යන මහත්වරුන්ගේ මගපෙන්වීම හා විශේෂ උපදෙස් යටතේ මෙම පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.
දක්ෂ අපරාධ විමර්ශකයින් වන පොලිස් අධිකාරි ජේ.යූ. රාමවික‍්‍රම, අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස විතානගේ, අපරාධ විමර්ශන අංශයේ සථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රභාත් ගාල්ලගේ සහ පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසිංහ යන මහත්වරු මෙම පරීක්ෂණවලට සහභාගි වී සිටිති.
විහාර හල්මිල්ලකුලම ගම්මානයම කම්පාවට පත් කළ මේ සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ ඉන්දුමතී ශ‍්‍රියානි (40), ඇයගේ පුත් සුමිත් කුමාර (23), දියණිය තක්ෂිලා කුමුදු කුමාරි (13), ඉන්දුමතීගේ සහෝදරියක් වන හසලක කොටියාපොල සිට පැමිණ සිටි පී. පේමාවතී (46) සහ ඇයගේ පුත‍්‍රයා වන ප‍්‍රියන්ත (22* යන පස් දෙනාය.
බරපතළ තුවාල ලැබූ ඉන්දුමතීගේ සැමියා කේ.ඒ. පියදාස මහතා අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ.
සැකකාර සෙබළා රිමාන්ඞ් බාරයට පත්කර ඇත.
අපරාධයක් සිදුකර සැඟවී සිටීමට හැකි යැයි යමෙක් සිතන්නේ නම් එය මහා මුලාවකි. අපරාධයක් කර කිසිදා සැඟවී සිටිය නොහැකිය.