තංගල්ල, මැඩිල්ල නේචර් හෝටලයේ පැවති නත්තල් සාදයක දී බි‍්‍රතාන්‍ය ජාතික තරුණයකු මරා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතියට පොලූවලින් හා වීදුරු බෝතලයකින් පහරදී තුවාල කිරීමේ සිද්ධිය අපගේ මතකයෙන් ගිලිහී යමින් තිබුණ ද බි‍්‍රතාන්‍ය ඇතුළු ජාත්‍යන්තරයට ඒ කිසිවක් අමතක වී නොමැත.
වසර එක හමාරක කාලයකට පෙර සිදුවූ මෙම සිද්ධියට අදාළ නඩුව මෙතෙක් ආරම්භ කර නොතිබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා දැඩි කනස්සල්ල පළකොට ප‍්‍රකාශයක් නිකුත් කළේය.
![]() |
ඝාතනයට ලක්වූ එම්. ඉසෙඞ් ෂයිෆ් (32) |
විශේෂයෙන්ම එම සිද්ධියට අදාළ නඩු විභාගය කඩිනමින් ආරම්භ කොට අපරාධය කළ සැකකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන තෙක් බලා සිටින බව ඔවුන් රජයට දැනුම් දී තිබුණි.
තවද ඝාතනයට ලක්වූ එම්. ඉසෙඞ් ෂයිෆ් (32) මහතාගේ පවුලේ සාමාජිකයින්ට යුක්තිය ඉටුවුවහොත් වසරක් පාසා මෙරටට පැමිණෙන බි‍්‍රතාන්‍ය සංචාරකයන්ට ද එය අස්වැසිල්ලක් වන බවට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
සම්පූර්ණ නීතිපති උපදෙස් හා ඞී.එන්.ඒ. වාර්තා මෙතෙක් ලැබී නොමැති හෙයින් මෙම අපරාධයට සම්බන්ධ තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් අටදෙනාට එරෙහිව මෙතෙක් මහාධිකරණයේ නඩු පවරා නොමැත. එය ප‍්‍රමාදවීම බි‍්‍රතාන්‍යයේ කනස්සල්ලට හේතුව වී තිබේ.
කෙසේ නමුදු මුළු ලෝකයේම අවධානය යොමුවූ මේ මහා අපරාධය සිදුවූයේ 2011 වසරේ දෙසැම්බර් මස 25 වැනි දින නත්තල් උදාවනවාත් සමගමයි. ඊශ‍්‍රායල් සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය පුරවැසියකුවූ එම්. ඉසෙඞ් ෂයිෆ් (32) තරුණයා එහිදී ඝාතනයට ලක්වූයේ ඔහු කළ වරදක් නිසා නොවේ.
නත්තල් සාදයට සහභාගී වූ ප‍්‍රාදේශීය දේශපාලඥයාගේ ආධාරකරුවකුගේ ඇෙඟ් අවන්හල් හිමියකු හැපී ඇතිවූ බහින්බස්වීමකින් පසු එම ආරවුල හටගෙන තිබුණි. හත් අට දෙනකු එකතුවී අවන්හල් හිමියාට අතින් පයින් හා පුටුවලින් පහර දෙන අයුරු දුටු බි‍්‍රතාන්‍ය පුරවැසියා ඊට මැදිහත් වන්නේ ඔහු බේරා ගැනීමටය.
විශේෂයෙන්ම රතුකුරුස සංවිධානයේ ගාසා තීරයේ සහන සේවකයකු ලෙස කටයුතු කළ හෙයින් ඔහුට ගැටුම් නිරාකරණය කර ගැනීම පිළිබඳව ප‍්‍රායෝගික දැනුමක් ද තිබුණේය. ඒ මහතා කිහිප දෙනකුට පහරදී පසෙකට තල්ලූ කරන විට බිම වැටී සිටි අවන්හල් සේවකයා රථ ගාල දෙසට පැන ගොස් සිය ජීවිතය බේරා ගත්තේය.
එහෙත් මධුවිතෙන් මත්වී පරාජය ඉවසා ගත නොහැකි ප‍්‍රාදේශීය දේශපාලඥයාගේ පිරිස අත තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තබා හා පිහිවලින් ඇන විදේශීය ජාතිකයා ඝාතනය කළහ. සංචාරක හෝටලයේ පිහිනුම් තටාකය අසල ඔහු සිය අවසන් හුස්ම පොද පිට කළේය.
එතැනින් නොනැවතුනු සාහසිකයින් පිරිස බි‍්‍රතාන්‍ය පුරවැසියාගේ පෙම්වතිය වූ රුසියානු ජාතික කේ. වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් (23) තරුණියට ද පොලූ මුගුරුවලින් පහර දෙන්නට වූයේ ඔහු බේරා ගැනීම සඳහා ආරවුල මැදට පැන සිටීම නිසාය. ඊට අමතරව වීදුරු බෝතලයකින් ද ඇයට පහර දී තිබුණි.
පසුව තුවාල සහිතව මුහුදු වෙරළ අයිනේ වැටී සිටි රුසියානු තරුණිය පොලිසියට පැමිණ තංගල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළාය. අනතුරුව ඇය කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කෙරිණි.
![]() |
බි‍්‍රතාන්‍ය ජාතිකයා මරා දමා තිබූ අයුරු |
![]() |
පොලිසිය පරීක්ෂණ පවත්වමින්... |
මෙම අපරාධය සම්බන්ධයෙන් රජය දෙස චෝදනා එල්ල වන විට තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු අට දෙනකු වරින් වර අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් භාරයට පත් කෙරිණි. පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පස් දෙනාම සාක්ෂිකරුවන් විසින් හඳුනා ගන්නා ලදී. එහෙත් රුසියානු ජාතික තරුණියට කිසිවකුත් හඳුනා ගැනීමට නොහැකි වූවාය.
සාක්ෂිකරුවන් දහ හතර දෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා සහභාගී කර තිබුණි.
එදින මූලික සාක්ෂි ලබාදීමෙන් අනතුරුව රුසියානු ජාතික තරුණිය ඊට පසු දිනම සිය රට බලා පිටව ගියාය. ඝාතනයට ලක්වූ එම්. ඉසෙඞ් ෂයිෆ් මහතාගේ සිරුරද ඔහුගේ සහෝදරයකු ඇතුළු පිරිසක් පැමිණ මෙරටින් රැගෙන යන ලදී.
මෙම ඝාතනයට උපයෝගී කර ගත් බව කියන ටී. 56 වර්ගයේ ගිනි අවිය ද විතාරන්දෙණිය ප‍්‍රදේශයේදී වළ දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකාර ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සැකකරුවන්ට වසරකට ආසන්න කාලයක් රිමාන්ඞ් භාරයේ සිටීමට සිදුවිය. ඔවුන් පසුව තංගල්ල මහාධිකරණයෙන් ඇප ලබා ගත්තේය.
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ ආරවුලක් සමථයකට පත් කිරීමට ගොස් ජීවිතය දන් දුන් එම්. ඉසෙඞ් ෂයිෆ් තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සියලූ සැකකරුවන් මේ වන විට දැඩි ඇප කොන්දේසිවලට යටත්ව නිදැල්ලේ සිටී. කෙසේ වෙතත් ඔවුන් වක‍්‍රාකාරයෙන් මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බව කියති.
ඒ පිළිබඳව ලැබුණු පැමිණිලි අනුව තංගල්ල අධිකරණයේදී විභාග කළ මේ නඩුව කොළඹට මාරු කිරීමට නීතිපතිවරයා ක‍්‍රියා කර ඇත. සාක්ෂිකරුවන්ට තර්ජනය කළැයි කියන සැකකරුවන් කවුරුන්දැයි හඳුනාගෙන ලබන නොවැම්බර් මස 01 වැනි දින ඔවුන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මාහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගියදා රහස් පොලිසියට නියම කළේය.
ඒ අනුව ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යයි. මෙම අපරාධය සම්බන්ධ සැකකාර සභාපතිවරයාට දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අවශ්‍ය විදෙස් ගමන් බලපත‍්‍රය මුදා හරින ලෙස ඔහුගේ නීතිඥයින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
ඇප ලබාගත් මහාධිකරණයටම එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
කෙසේ නමුදු එල්ල වී ඇතැයි කියන තර්ජන පිළිබඳව විමසීමට මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන් සම්බන්ධ කර ගැනීමට ගත් සියලූ උත්සාහ අසාර්ථක විය. බොහෝ අය සිය ජංගම දුරකථන විසන්ධි කරගෙන ඇත. තවත් අය ජීවිතයට තිබෙන ආදරය නිසා කිසිවක් නොකියති. තවත් අය පදිංචි ස්ථාන වෙනස් කර ඇත.
ධනය මෙන්ම දේශපාලන බලයද සැකකරුවන් පාර්ශවයට නොඅඩුව තිබීම එම තත්ත්වයට හේතුව විය හැකිය. විදේශිකයකු මරා ඔහුගේ පෙම්වතියට බරපතළ තුවාල කිරීමේ නඩුවට කුමක් සිදුවේද යන්න මුළු මහත් ජාත්‍යන්තරයම බලා සිටින නිසා කුමන බලවේගයකටවත් මෙම සිද්ධිය වසන් කිරීමට අපහසුය. එසේ යම් අදෘශ්‍යමාන බලවේගයක් ක‍්‍රියාත්මක වුවහොත් එය මෙරට සමස්ත සංචාරක ව්‍යාපාරයටම බලපෑමක් එල්ල වනු ඇත.
![]() |
සැකකාර තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති |
එමෙන්ම අප රටට මානව හිමිකම් චෝදනා එල්ල කරන අනෙක් රටවලටද නව මාතෘකාවක් සපයනු ඇත. එබැවින් මෙම සාහසික අපරාධයට අදාළ විමර්ශන කඩිනම් කොට වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කර දඬුවම් ලබාදෙන තෙක් සමස්ත ලෝකයම විමසිලිමත් දෑසින් සිටින බව අමතක නොකළ යුතු කරුණකි.
ඡායාරූප හා සටහන - මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්