(සුජිත් හේවාජුලිගේ)

කතානායක ජගත් වික්‍රමරත්න  මහතාට  එරෙහිව සමගි ජන බලවේගය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ආකාරය පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක්  ලබන 16 වැනිදා සිකුරාදා  පැවැත්වේ.

මෙම විශ්වාශභංග යෝජනාව සමඟි  ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පසුගියදා පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර  මහත්මියට බාර දෙනු ලැබීය.

එම විශ්වාසභංගය  යෝජනාවට   දූෂණ චෝදනා ඇතුළු චෝදනා පනහක් ඇතුළත්වේ. ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට විශ්වාසභංග යෝජනාවකට වැඩිම චෝදනා ප්‍රමාණයක්  ඇතුළත් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

විශ්වාසභංග යෝජනාව විවාදය  සඳහා දින තුනක් ඉල්ලා සිටීමට සමගි  ජන බලවේගය බලාපොරොත්තු වේ.