''ලිය දිරිය” සමාරම්භක උළෙලේ දී මන්ත‍්‍රී රුවන් විජයවර්ධන කියයි
මේ රටේ කාන්තාව විවිධ පීඩනයන්ට මුහුණදීලා. නිවෙසේ ඇතිවී තිබෙන ආර්ථික හා සමාජීය ගැටලූවලින් ඔවුන් පෙළෙනවා. එවැනි ප‍්‍රශ්නවලින් පෙළෙන කාන්තාවන්ට පාට, පක්ෂ, ආගම් භේදවලින් තොරව අවශ්‍ය සහයෝගය හා ශක්තිය ලබා දෙනවා යැයි ගම්පහ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඔහු එසේ පැවසුවේ -”ලිය දිරිය” වැඩසටහනේ සමාරම්භක උත්සවයේදීය. මේ වැඩසටහන ඉකුත් 28 වැනිදා බියගම මල්වාන යබරළුව ඩිලාර් උත්සව ශාලාවේදී පැවැත්විණි.
බියගම ප‍්‍රදේශයේ කාන්තාවන්ගේ සමාජීය හා ආර්ථික තත්්ත්වයන් නංවා ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මේ නව වැඩසටහන ආරම්භ කෙරුණි. නැටුම්, ගැයුම්, වැයුම් සහිත සංස්කෘතික අංගයන්ගෙන් ද මෙම අවස්ථාව විචිත‍්‍රවත් විය.
ගම්පහ දිස්ති‍්‍රක් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්තීී‍්‍ර රුවන් විජයවර්ධන මහතා සහ ඉරුෂි විජයවර්ධන බුලත්සිංහල මහත්මිය උත්සව සභාව ආරම්භ කිරීම සඳහා පහන් දැල්වූ අයුරු.
එහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ ද පැවසීය.
අද දවස ඉතාමත් සතුටුදායක දවසක්. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට පැමිණ සිටින ඔබ සැමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න කැමතියි. බියගම ආසනයේ කාන්තාවන් උදෙසා වැඩසටහනක් ආරම්භ කරන්න හිතුවේ මීට මාස 2-3කට පමණ කලින්. එහි ප‍්‍රතිඵලය තමයි ‘‘ලිය දිරිය’’ කියන මේ වැඩසටහන.
වැඩසටහනේ අරමුණ මේ ප‍්‍රදේශයේ සිටින කාන්තාවන්ට සමාජීය හා ආර්ථික වශයෙන් අත හිත දීමයි.
මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් පැමිණ සිටින ඔබලාගේ අදහස්, යෝජනා අවශ්‍යයි. ඒ තුළින් ‘‘ලිය දිරිය’’ වැඩසටහන ගම් මට්ටමින් ක‍්‍රියාත්මක කළ යුත්තේ කෙසේ දැයි වැටහීමක් ලබා ගන්න පුළුවන්. ඔබලාට පවතින ගැටලූ ආදිය ඉදිරිපත් කිරීමටත් හැකියාව තියෙනවා.
රුවන් විජයවර්ධන මහතා කාන්තාවන් පිරිසක් හමුවී
ඔබලාට පවතින ගැටලූ මට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. නැත්නම් මේ වැඩසටහනේ අධ්‍යක්‍ෂ නිමල් වර්ණකුලසූරිය මහතාට දැනුම් දෙන්න පුළුවන්. ඒ අනුව ඊට අවශ්‍ය පියවර ගැනීමට අපට හැකි වෙනවා.
මේ රටේ කාන්තාව විවිධ පීඩනයන්ට මුහුණදීලා තියෙනවා. ආර්ථිකය නිසා නිවෙසේ ඇතිවී තිබෙන පීඩනයෙන් බොහෝ කාන්තාවන් පෙළෙනවා. ඒ පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු දෙයක් නෑ. පවුලක් තුළ ජීවත් වනවිට ඒ බව ඔබලාට මැනවින් වැටහෙනවා ඇති.
ප‍්‍රශ්නවලින් පෙළෙන ඔබ සඳහා හැකි ඉක්මනින් සහයෝගය සහ ශක්තිය ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. -”ලිය දිරිය” වැඩසටහන සාම්ප‍්‍රදායික වැඩසටහනක් නොවේ. එහි විශේෂත්වය වෙන්නේ තරුණ, වැඩිහිටි සෑම කාන්තාවකටම මෙයට සහභාගි වීමට හැකිවීමයි. ඒ නිසා වැඩසටහන තවදුරටත් සාර්ථක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
‘‘ලිය දිරිය’’ යටතේ විවිධාකාර වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ ශක්තිය නොඅඩුව ලබාදේ යැයි අපි විශ්වාස කරනවා.
අනුෂි ජයවර්ධන මෙනෙවිය, ඉරුෂි විජයවර්ධන බුලත්සිංහල මහත්මිය, රුවන් විජයවර්ධන මහතා සහ බුද්ධික දොඩන්වල මහතා මුලසුනේ
අපි හිතනවා මාස දෙකක් පමණ කාලයකින් මෙහි සාර්ථකත්වය දැක ගන්න හැකි වේවි. ‘‘ලිය දිරිය’’ අපි හැමෝම ඔබට දිරියක් වෙලා අවශ්‍ය නායකත්වය ලබාදීමට සූදානමින් ඉන්නවා. ජාති, පාට, පක්ෂ, ආගම් භේදයකින් තොරව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නෙ. ඒ ගැන කිසිදු සැකයක් තබා ගැනීමට අවශ්‍ය නෑ. ප‍්‍රදේශයේ සියලූ දෙනාට ‘‘ලිය දිරිය’’ දොරටුව විවෘතයි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට පැමිණි ඔබ සැමටත්, වැඩසටහන් අධ්‍යක්‍ෂ නිමල් වර්ණකුලසූරිය මහතාටත් ස්තුතිවන්ත වෙනවා.
මෙහිදී බියගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීනි මාලි අල්ගම මහත්මියත්, බියගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප‍්‍රසන්න සම්පත් මහතාත් අදහස් දැක්වූහ.
අවසානයේ -”ලිය දිරිය” වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ නිමල් වර්ණකුලසූරිය මහතා වැඩසටහන් අන්තර්ගතය සහ මෙය ක‍්‍රියාවට නැගෙන්නේ කෙසේ ද යන්න ගැන පැවසුවේය.
‘‘ලිය දිරිය’’ වැඩසටහන ක‍්‍රියාවට නැංවෙන්නේ දේශපාලන පක්ෂ භේදයකින් තොරවයි. වයස 17 සිට 70 දක්වා වයස්වල සිටින ක‍්‍රියාකාරී ඕනෑම කාන්තාවකට මේ සඳහා සහභාගි විය හැකියි. මේ වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ලබාදීමටත් අපි අවශ්‍ය පියවර ගන්නවා. මේ ස්වයං රැුකියා නිෂ්පාදනය සඳහා අපි බලාපොරොත්තු වෙනවා ස්වයං රැකියා වෙළෙඳපොළවල් ඇති කිරීමට.
ඔබ දැනටමත් ස්වයං රැකියාවල නිරත වෙනවා ඇති. නමුත් ඒවා අලෙවි කිරීමට කඩපොළක් ඒ සඳහා නැති වෙන්න පුළුවන්. කඩ කුලී අය කිරීමකින් තොරව මාසයකට දෙකකට හෝ ප‍්‍රාදේශීය සභාවේ බිමක් සොයාගෙන ඔබට පොළක් කිරීමට ඉඩප‍්‍රස්ථාව සලස්වනවා.
ඊට අමතරව කාන්තාවන් තුළ සැඟවී තිබෙන ගායන, නර්තන වැනි දක්ෂතා එළිදැක්වීමට මහපොළක් පවත්වලා සංදර්ශන වේදිකාවක් තුළ ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට ඉඩප‍්‍රස්ථාවන් සලසා දීමට කටයුතු කරනවා.
වයස අවුරුදු 17 සිට 70 දක්වා ඕනෑම වයස් කාණ්ඩයකින් කාන්තාවන්ට සාමාජිකත්වය ලැබිය හැකි අතර, එහි පළමු කාණ්ඩය වැඩිහිටි කාන්තාවන්ට ද, දෙවැනි කාණ්ඩය යොවුන් කාන්තාවන් වෙනුවෙන් ද වැඩසටහන් මාලාවක් පවත්වන්න කටයුතු සූදානම් කර අවසන්.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ යෝජනා, චෝදනා සියල්ලක්ම 765/1, ලේක් ක‍්‍රසන්ට්, වඩුවේගම පාර, මල්වාන යන ලිපිනයට යොමු කරන්න පුළුවන්.
‘‘ලිය දිරිය’’ සමාරම්භක උළෙල සඳහා බියගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනි මාලි අල්ගම, බියගම ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ප‍්‍රසන්න සම්පත්, කොට්ඨාස කළමනාකරු ඉන්ද්‍රජිත් ජයසිංහ, පෞද්ගලික ලේකම් ෂෙල්ටන් සෙබස්තියන්, බුද්ධික දොඩන්වල, ඉර්ෆාන් රෆික් යන මහත්ම මහත්මීහු රැසක් ද සහභාගි වූහ.