බෞද්ධයන් අන්‍යාගම්වලට හරවන හත් දෙනාගේ කල්ලිය


දෙදහස් හයසිය වසරක් තරම් ඈත යුගයකදී බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ ධර්මය විශ්වීය දහමක් ලෙස අදටත් ලොව පවතී. ඒ දහමෙහි හරය විවිධ විෂයන්ගෙන් මනුෂ්‍ය ජීවිතය සනසාලයි. එහෙත් අද යම් යම් අන්තවාදී බලවේග විසින් බෞද්ධයන්ට හා බෞද්ධාගමට සිදුකරන හිරිහැර, අසත්‍ය ප‍්‍රචාර හා බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීමේ ප‍්‍රවනතා කිසිසේත්ම බැහැර කරලිය නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වී තිබේ. බංග්ලාදේශයේ චිතගොංහි වෙසෙන බෞද්ධයන්ට එරෙහිව අන්තවාදී ඉස්ලාම් ලබ්ධිකයන් කරන මිලේච්ඡු හිරිහැර පිළිබඳව අපි ඉකුත් සතියේදී කතා කළෙමු.  මේ දිගහැරුම බෞද්ධයන් ඉතා නීච හා සාපරාධි උපක‍්‍රම ඔස්සේ අන්‍යආගම් කරණයට ලක් කරන හත්දෙනකුගෙන් යුත් ඉතා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳවය. කිරම විමලජෝති හිමියන් සභාපතිත්ව දරන ගලගොඩඅත්තේ ක්‍ඳාණසාර හිමියන් මහ ලේකම් ධුරය දරන බොදුබල සේනා සංවිධානයට, පාස්ටර්වරයකු මූලිකත්වය දරන මෙම සංවිධානාත්මක කල්ලිය කොටුකර ගැනීමට ඉකුත් දිනෙක හැකිවිය. බොදු බල සේනා ජාලයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ක්‍ඳාණසාර හිමියන් කරන ලද මේ ප‍්‍රකාශයට අපි පළමුව ඉඩහසර වෙන්කරමු. මේක සිංහල බෞද්ධ රට. මේ රටේ සභ්‍යත්වය ගොඩනැඟුණු දින පටන්ම ක‍්‍රියාත්මක වුණේ සිංහල බෞද්ධ නීතිය හා ආධිපත්‍යය. පස්සේ කාලෙක සුද්දන් විසින් සිංහල බෞද්ධ ආධිපත්‍ය බිඳ දමා ඔවුන්ගේ නීතිය බලහත්කාරයෙන් පටවනු ලැබුවා. දැන් අපි නිදහස ලබා ඉවරයි. එහෙත් තවමත් අපට බැරි වුණා අපට ගැළපෙන අපේ නීතියක් හදා ගන්න. ඒ නිසා මේ වාතාවරණය මත තවදුරටත් සිංහල බෞද්ධ ජනතාව පීඩාවට පත්වෙන අතරම නොයෙකුත් ආගමික බිල්ලන් විසින් අවස්ථාවාදීව ක‍්‍රියාකරමින් ප‍්‍රයෝජන ගනු ලබනවා. එහෙයින් සුද්දන් හැදු, සුදු සපත්තු ලෙවකන කළු සුද්දන් වැඩූ මේ වල් වැදුණු නීතිය පිටුදකින්නත් අපට ගැළපෙන අපේ නීතිමය පද්ධතියක් හදාගන්නත් කාලය ඇවිත්. නීති හදන්නේ මහජනතාවයි. එක එකාට  ඕනෑ  ඕනෑ විදිහට ඒ නීති මඟින් මහජනතාව අගතියට පත්කරන්න ඉඩදෙන්න බැහැ. නීති හැදු මහජනතාවට යළිත් ඒ නීතිය අතට ගෙන කටයුතු කරන්න අවැසි ඉඩප‍්‍රස්ථාව සකසා දෙන්න එපා කියන බලකිරීම අපි කියන්න  ඕනෑ. මේ රටේ සිංහල බෞද්ධයන්ට තියෙන ප‍්‍රශ්න විසඳන්න පොලීසිය අසමත්. ඒත් අපි බොදු බල සේනා ජාලයේ පොලීසියේ ඒ ඌණපූරකය හොඳින් සකස් කරනවා. මේ රටේ බෞද්ධ ජනතාවට විතරක් නෙමෙයි සෙසු ජාතීන්ටත් සෙසු ආගමිකයන්ටත් සිදුවෙන අසාධාරණකම් සම්බන්ධයෙන් බොදු බලසේනා අප කටයුතු කරනවා. එසේ කටයුතු කොට තිබෙනවා. අප දැඩිව අවධාරණයකර සිටිනවා ලංකාවේ ක‍්‍රියාත්මක වෙන ඇමෙරිකානු දේවරාජ්‍ය මෙහෙයුමට අයත් සියලූම ඉවාන්ජලික කල්ලි කණ්ඩායම් හා ඒ වටා සම්බන්ධව රටපුරා සැරිසරන සියලූම විදේශිකයන් වහාම පලවාහරින ලෙස සහ සියලූම යාච්ඤා මඩු කඩා ඉවත් කරන ලෙසට. ඒ සඳහා පොලීසියට සහ රජයට උපරිමය මාස දෙකක කාලයක් අපි ලබා දෙනවා. රජය ඒ කෙරෙහි අවධානය යොමුකොට විධිමත් පියවරක් අනුගමනය නොකළහොත් අපි ඉතුරු ටිකබලා ගන්නවා. මොකද මේ රටේ ක‍්‍රියාත්මක වෙන්නේ අපේ පරමාධිපත්‍ය නිසා. ඒ ගලගොඩඅත්තේ ක්‍ඳාණසාර හිමියන් කළ ප‍්‍රකාශයයි. කිරම විමලජෝති හිමියන් වැඩවසන පන්සලට බොහෝ හිතවත් ලෙස කටයුතු කළ දායක පවුලක තරුණ පිරිමි දරුවෙක් සිටියේය. ඒ කුඩාකල පටන්ම බෞද්ධාගමට ඉතා ලැදිව කටයුතු කල අතර නිතර පන්සලට පැමිණ බුදුන් වැඳීමද පුරුද්දක් කරගෙන සිටියේය. මේ තරුණයාගේ නම රුවන් යැයි සිතමු. රුවන්ගේ ජීවිතයට තරුණියක පැමිණෙන්නේ මේ අතරතුරය. මේ තරුණිය හා රුවන් අතර පේ‍්‍රමයක් දළුලන අතර ඇය බෞද්ධාගමික තරුණියක නොවූ නිසා මේ පේ‍්‍රමයට රුවන්ගේ නිවෙසින් ආශිර්වාදයක් හිමිවූයේ නැත. එහෙත් රුවන්ගේ සිතේ ඇය කෙරේ ඇති වූ පේ‍්‍රමය කොතෙක් බලවත්වීදයත් ඔහු ඇගේ බහට අවනතව ඇය හා වෙනම නිවෙසක ජීවතයක් ආරම්භ කරන්නට එකඟ වූයේය. පුතේ අපට ලජ්ජා කරන්න එපා, මවුපියන් කොතෙක් කරුණු පහදා දෙන්නට උත්සාහ කළද රුවන් එවදන් තුට්ටුවකටවත් මායිම් කළේ නැත. රුවන් සහ ඇය එක නිවෙසක ජීවත් වූවත් ඇය නීතියෙන් විවාහ වෙන්නට කැමැත්තක් දැක්වූයේ නැත. රුවන් කොතෙක් පෙරැත්ත කළත් ඇය එකහෙළාම නීතිමය විවාහය ප‍්‍රතික්ෂේප කළාය. එමෙන්ම ලිංගික ජීවිතයද ප‍්‍රතික්ෂේප කළ ඇය රුවන්ට පහර දෙමින් ඔහුට කායිකව හා මානසිකව නොයෙක් හිරිහැර පැමිණවූයේය. ඒ ගැනියක් නෙවෙයි අම්මේ යක්‍ෂණියක්. මට ඉන්න බෑ. මම ගෙදර නවතිනව. රුවන් නැවත තම මවුපියන් සෙවණට පැමිණියේ ඇගේ වද බන්දන ඉවසා සිටින්නට බැරිම වූ තැනය. එහෙත් යළි ඇය සාමදානව ජීවත් වෙන්නට කැමැත්ත පළ කර කෙසේ හෝ රුවන්ගේ සිත වෙනස් කළ අතර ඉන්පසු රුවන්ගේ මවුපියන් ඔහුට හෝමාගමින් නිවසක්ද ලබාදුන්නේ ඔහුවෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමක් වේ නම් දරු සෙනෙහසේ නාමයෙන් එයද ඉටු කරමිනි. දිනක් දිනේෂී නම් තරුණ පාස්ටර්වරයා තවත් හය දෙනෙක්ගෙන් යුත් පිරිසක් සමඟ හෝමාගම රුවන්ගේ නිවෙසට පැමිණියහ. -උඹලට සමගියෙන් ඉන්න බැරි මේ ගෙදර යක්‍ෂ බලයක් තියෙනවා. ඒ යක්‍ෂයා කියන්නේ බුදුන්ගේ බුදුන්ගේ බලය තමා යක්‍ෂබලය. මේ බුදු පිිළිමය පුච්චලා කුඩු කරපන්’’ මෙසේ පැවසූ පිරිස -බජව්” ආකාරයෙන් ජේසුස් වහන්සේට කෑ ගසමින් හැසිරෙද්දි ආවේගයට පත් රුවන් බුදු පිළිමයට ගිනිතබා එය පොළොවේ ගසා කුඩුකර දැම්මේය. කුඩා කල සිට සැදැහැවත් බෞද්ධයකු වූ රුවන්ට ඒ වෙද්දි සැබැවින්ම යක්‍ෂයකු ආරූඩ වී සිටියේය. රුවන්ගේ පුංචි අම්මා කෙනකු මේ සිද්ධිය දැක එය රුවන්ගේ මවට දැන්වීමෙන් පසු ඇය සිහිය නැතුව ඇද වැටුණාය. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩවෙසෙන කිරම විමලජෝති හිමියන්ටත් බොදු බල සේනා සංවිධානයටත් ඔවුන් මේ පිළිබඳව දැනුම් දුන්නේ ඉන් අනතුරුවය. මගේ පුතා විනාශ වෙලා ඉවරයි. ඒ කොල්ලා අම්මා අඳුරන්නෙ නෑ. මේ මගේ අම්මා නොවෙයි. තාත්තා නෙවෙයි, නංගි නෙවෙයි කියනවා. රුවන්ගේ අම්මා හඬා වැටෙමින් පැවසුවාය. මේ සිද්ධියෙන් පසු රුවන් සහ ඇය හෝමාගම නිවෙසින් බැහැරව බටකැත්තර ප‍්‍රදේශයේ නිවෙසක් කුලියට රැුගෙන එහි පදිංචි වූහ. මෙම සිද්ධිය බොදු බල සේනා සංවිධානයට සැලවෙද්දී ඒ යුවළ එම නිවෙසට පැමිණ හරියට එක් දවසකි. වහා ක‍්‍රියාත්මක වූ බොදු බල සේනා සංවිධානය තොරතුරු අනුව යමින් රුවන් විසූ නිවෙසට යද්දී පාස්ටර්වරයා ඇතුළු හත්දෙනාද එම නිවෙසේය. ඔවුන් කොටුකර ගත් යතිවරයාණන් වහන්සේලා ඇතුළු පිරිස පැය 3-4 ක් තිස්සේ ඔවුන්ගෙන් මේ පිළිබඳව විචාළහ. අවසානයේ ඔවුන් කවුරුන්ද කරන ලද දේවල් මොනවාද? කරමින් සිටින දේවල් මොනවාද යන මේ සියල්ලක් මැනවින් හෙළිදරව් විය. මෙම ඉවැන්ජලික කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ බෞද්ධයන් මේ අයුරින් තම දහම වෙත ඈඳා ගැනීම කර ඇත. මෙම පාස්ටර්වරයා විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටි තරුණයෙකි. මෙම අන්‍ය ආගම්කරණයට සම්බන්ධ තවත් කල්ලි වෙයි. සමාජයේ විවිධ වෘත්තීන්හි නියැලෙන බෞද්ධයන් තමන් පිළිගන්නා දහම වෙත නතු කරගැනීමට ඔවුහු විවිධ උපක‍්‍රම අනුගමනය කරති. වීදි සරන ගණිකාවන්, පැල්පත් වාසීන්. වීදිසරණ දරුවන්, වෛද්‍යවරුන්, විනිශ්චයකාරවරුන්. නීතිඥවරුන්, කලා කරුවන්, දේශපාලනඥයන් මේ ආදී විවිධ අධ්‍යාපනයක් ලද පිරිස් තම ඉලක්ක ගත කණ්ඩායම බවට පත්කරගත් මෙම ඉවැන්ජලික කණ්ඩායම ඉතා සියුම් උපක‍්‍රම ඔස්සේ ඔවුන් තම ආගම් ග‍්‍රහණයට නතුකරගෙන ඇති අතර ඉන්පසු තම ආගම්ව්‍යප්තියට ඉතා ශූර ලෙස ඔවුන්ගේ සහයෝගයද ලබා ගෙන ඇත. කිසිදු බියක් සැකක් නැතිව ඔවුන් මේ අයුරින් බෞද්ධයන් තමන්වෙත නතුකර ගැනීමේ කාර්යය කරගෙන ගොස් ඇත්තේ මෙවන් බලසහිත හස්තයන්ගේ රැුකවරණයද තමන්වෙත ලබාගත් පසුබිමක් අභ්‍යන්තරයේය. මෙසේ බෞද්ධයන් අන්තවාදී ආගම්කරණයට ලක්කර ගැනීම නවයටත් විජිතකරණයේම එක් ප‍්‍රවේශයක් ලෙස හඳුන්වාදිය හැකිය. එක් දම්වැලක පුරුක්සේ වූ මෙවැනි සංවිධාන විවිධ නම්වලින් දවසින් දවස බිහිවෙයි. ඔවුන් මෙම සංවිධාන ලියාපදිංචි කර ඇත්තේ සමාගම් ලියා පදිංචි කිරීමේ පනතට යටත්වය. ප‍්‍රජා මූලික සමාජසේවා සලසන සංවිධාන ලෙස හුවා දක්වමින් ඔවුන් මෙම සංවිධාන ලියාපදිංචි කර ඇත. එම සංවිධානවල නමින් බැලූවිට ඒවා ආගමික සංවිධාන ලෙස නොපෙනේ. චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග යුගයේදී මෙවැනි සංවිධාන වලට ලියාපදිංචි වීමේ ඉඩහසර පුළුල් ලෙස හිමි වූ අතර පෞද්ගලික සමාගම් ලෙස මේවා ලියාපදිංචි වී තිබේ. 2004 වෙද්දී බුද්ධශාසන ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව එවැනි සංවිධාන 107 ක් පමණ ලියා පදිංචි වී තිබුණි. 2009 අදාළ කොමිෂන් වාර්තාව අනුව එම සංඛ්‍යාව 379 දක්වා ඉහළ නැඟ තිබුණි. දවසින් දවස එවැනි සංවිධාන බිහිවීමේ ප‍්‍රවණතාවක් ඇතිව තිබුණි. ඒ අනුව මේ වෙද්දී 2009 දී 379 ක් වූ සංඛ්‍යාව කොතෙක් ඉහළ සංඛ්‍යාත්මක අගයක් ගෙන ඇත්දැයි නොදනිමු. 2008 වසර වෙද්දී බස්නාහිර පළාත් දුරකථන නාමාවලියේ ලංකා ටෙලිකොම් ඩිරෙක්ටරියේ මෙවැනි සංවිධාන 261 ක දුරකථන අංක සටහන්ව තිබුණි. එහෙත් මේ සෑම සංවිධානයකම මුඛ්‍ය පරමාර්ථය නම් එකකි. එනම් බෞද්ධයන් තම ආගමික ප‍්‍රවාහය තුළට ඈඳා ගැනීමය. ඒ ඔස්සේ බෞද්ධාගම විනාශ කර දැමීමය. බෞද්ධ තරුණයන් මෙහිදී ඔවුන්ගේ තවත් ප‍්‍රබල ඉලක්කගත කණ්ඩායමක් වූ අතර තම සංවිධානයට අනුගත තරුණියන් යොදවා බෞද්ධ තරුණයන් ග‍්‍රහණයට ගැනීමේ වැඩ පිළිවෙලක් ඔවුන් ක‍්‍රියාත්මක කර ඇත. එක් පාස්ටර්වරයකු ප‍්‍රදේශ කිහිපයකම ඉංග‍්‍රීසි උගන්වමින් ඒ ඔස්සේද තම මූලධර්මවාදයට තරුණයන් අනුගත කර ගෙන ඇත. මේ වෙද්දී මේ පාස්ටර්වරයා ප‍්‍රමුඛ ඉවැන්ජලික කණ්ඩායම බෞද්ධ පවුල් 600 කට ආසන්න සංඛ්‍යාවක් තම ග‍්‍රහණයට ගෙන එම පවුල් කඩා බිඳදමා විනාශකර ඇත. මෙම පාස්ටර්වරයා සම්බන්ධ සිද්ධිය පොලීසිය දක්වා ගිය පසු මොකද වුණේ. අපි ගලගොඩඅත්තේ ක්‍ඳාණසාර හිමියන්ගෙන් විචාළෙමු. බුදුපිළිම කඩාබිඳ දමමින් ගිනි තබමින් බලහත්කාරයෙන් අන්‍යාගමිකකරණය කළ හත් දෙනකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් ඉකුත් දා පිළියන්දල මඩපාත බටකැත්තර ප‍්‍රදේශයේදී ජීවග‍්‍රහණයෙන් අල්ලාගෙන සියලූ තොරතුරු අනාවරණය කරගෙන පොලීසියට බාර දෙන්න බොදු බලසේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය සමත්වුණා. අල්ලාගත්  සැකකරුවන් දෙහිවල පොලීසියට බාරදීමේදී පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් හෝ කිරීම අනවශ්‍ය බවත් පොලිසිය විසින්ම අදාළ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය සියලූ නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නාබවත්ය. අත්අඩංගුවට ගත් පිරිස අයත් ඉවැන්ජලික කල්ලියේ ඉහළ පාස්ටර්වයකු පොලිසිය සමඟ කළ රහස් සාකච්ඡාවකින් අපි අල්ලා බාරදෙන ලද පාස්ටර් කල්ලිය නිදහස් කළා. ඒ නිදහස් කර තියෙන්නේ අනුගමනය කරනවා යැයි කී නීතිමය පියවර ගැන කිසිදු ආකාරයක හෝ තැකීමක් නැතුව. මේ සිද්ධිය ගැන කරුණු විමසීමට ඉවැන්ජලික කල්ලියනිසා අගතියටපත් තරුණයාගේ මවුපියන්ට එන්න කියලා පිළියන්දල පොලීසිය දැනුම්දීලා තියෙනවා. ආවට පස්සේ පිළියන්දල පොලිසිය කිසිදු වග විභාගයක් නැතුව ඒ අසරණ මවුපිය යුවළ හිරේ විලංගුවේ දැම්මා. අපි බොදුබල සේනා ජාලය පොලිස් දෙපාර්තමේන්තුවට බලකරලා කීවේ එදින දහවල් 12.00 ට පෙර නීතියෙන් අගතියට පත්කළ අසරන මවුපිය යුවළ වහාම නිදහස් කරන්න. නිදහස් කළ පාස්ටර්වරුන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදබල ලෙස ක‍්‍රියාත්මක කරන්න කියලා. පිළියන්දල පොලීසිය එදා හැසිරිච්ච ආකාරයට සම්පූර්ණයෙන් විරෝධය දක්වලා බොදු බල සේනා ජාලය පිළියන්දල පොලීසිය දක්වා සාමකාමී විරෝධතා පාගමනක් සංවිධානය කළා. ඉවැන්ජලික කල්ලියේ මෙහෙයවීම යටතේ කඩා බිඳ දමා ගිනිතබා පුළුස්සා දැමූ කුඩා බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක්ද පෙරටුකර ගනිමින් ගිහි පැවිදි බෞද්ධ ප‍්‍රජාව 1000 කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගි වුණා. පිළියන්දල නගරයේ එක්සත් ත‍්‍රිරෝද රථ සංගමය හා පිළියන්දල එක්සත් වෙළෙඳ සංගමයේ ව්‍යාපාරික ප‍්‍රජාව වෙළෙඳසැල් හා කඩසාප්පු වසාදමා විරෝධතාව වෙනුවෙන් එක් වී සිටියා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ මහතා ඇතුළු පිරිස් ඒ ස්ථානයට ඇවිත් එම මවුපිය යුවළ ගෞරවයෙන් හා ආරක්‍ෂා සහිතව නිදහස් කර දෙන බවට සංඝරත්නය ඉදිරියේ දිවුරා ප‍්‍රතිඥා දුන්නා. ඒ වගේම පිළියන්දල හා දෙහිවල පොලීසිය විසින් දැන හෝ නොදැන සිදු වූ වරදට සමාව අයදින බවටත් මින් ඉදිරියට බෞද්ධ ප‍්‍රජාවට එරෙහිව සිදුවෙන සෑම අවකල්ක‍්‍රියාවකදීම බුදු දහම ආරක්‍ෂා කිරීමට බැඳී සිටින පොලිස් දෙපාර්තමේන්තුවක් වශයෙන් විදිමත් පරිදි නොපැකිලව නීතිය ක‍්‍රියාත්මක කරනු ලබන බවටත් ප‍්‍රකාශ කර සිටියා. එහෙත් අප පැහැදිලිවම දන්නවා ඉංග‍්‍රීසි කතා කරන, සල්ලි තියෙන, උගත්, ඉහළ රැකියාකරන, නීතිඥවරුන්, වෛද්‍යවරුන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් ඔවුන් හා එක් වී සිටින නිසා ඔවුන් ඉදිරියටත් මෙය කරගෙන යයි. අවධානය හා සන්නද්ධ වීම සියලූ බෞද්ධයන්ගේ වගේම රජයේත් වගකීමක් යුතුකමක්. උන්වහන්සේ පැවසූහ.
සටහන - සංජීවිකා සමරතුංග