දුහුල් ඇඳුමින් සැරසී සිටි මනාලිය පැහැරගෙන යටියන්තොට හරහා වරාවල හන්දියට පැමිණ නැවතත් අගුරුවැල්ලටද පැමිණ ගල්පාත මාර්ගය ඔස්සේ මනාලියගේ නැන්දා කෙනෙකුට අයත් නිවෙසකට ගෙන ගොස් බලහත්කාරයෙන් රැයක් ඇය දූෂණයකර ඇති බව පොලිසිය කියයි.
පතිනිය මනාලියකවී ජය සක්හඬ මංගල අස්ඨක හඬ මැද්දේ පෝරු මස්ථකාරූඪවී දෑතැගිලි පටලවා ගැමිකුල සිරිතට යුග දිවියට පිවිස නෑසියන් හිතවතුන් ගේ නොමද ආශිර්වාදය ඇතිව මධු සමය ගත කිරීමට පිය මනින්නේ මොන තරම් සුන්දර බලාපොරොත්තු හද ගැබ තුළ පුරවාගෙනද?
අතිනත ගත් සිය පෙම්බරාගේ උණුසුම පහස ලබමින් ඔවුනොවුන්ට වෙන්වූ රස ලොවක මිහිරියාව විඳීම නව යුවලගේ එකම අපේක්ෂාවයි.
යුවතිපති දෙදෙනාගේ ජීවිතයේ අතිශය සුන්දරතම දිනය මධු සමය ගතකරන මුල්ම රාති‍්‍රය වන්නේය.
නමුත් ජීවිතයේ එක්වරක් පමණක් විඳීමට ලැබෙන ඒ සුන්දර මිහිරියාව රසය කිසියම් හෝ හේතුවක් කාරණයක් නිසා අහිමිව යන්නේ නම් යුවතිපතින්ට එයින් ඇතිවන වේදනාව මේ යැයි කියා නිමකළ නොහැකිවනු ඇත.
මනාලිය සමග මධු සමය ගත කරන්න හෝටලයට ගිය මුල්ම දවසේ සල්ලාලයකු ඇය පැහැරගෙන ගොස් ලිංගික අතවර කළහොත් ඇතිවන වේදනාව කෙසේනම් ඉවසා සිටින්නද?
ඒ වේදනාව කොතෙක්ද යන්න කියා කීමට දන්නේ එවැනි තත්ත්වයකට පත්වූ යුවතිපතීන් දෙදෙනාට පමණි.
සමහරවිට හද පැලී මිය යන්නට තරම් ඒ වේදනාව හේතුවිය හැකිය.
ජීවිතයේ සුන්දරම දවස මනාලිය සමග ගත කිරීමට නොලැබුණහොත් ඒ සුන්දරත්වය සදාකාලික කඳුළක් බවට පත්කළ යුවතිපතින් දෙදෙනෙකුගේ සෝබර කතාව අවසානයේ කෙළවර වූයේ ඒ සල්ලාල වැඬේ කළ පුද්ගලයාට වසර 9 ක කාලයක් සිර ගෙදර තැපීමට සිදුවීමෙන් පසුවය.
එපමණක් නොව මනාලියට වන්දි ගෙවීමටද ඒ සල්ලාලයාට සිදුවිය.
ජීවිතයේ සුන්දරම දිනයේ සිදුවූ අසුන්දරම සිද්ධියකට මුහුණපෑ මනාල යුවළකගේ කතාව මෙසේ පෙළගස්වන්නෙමු.
සර් මම අද කසාද බැන්දේ. මධු සමය ගත කරන්න මනාලියත් එක්ක කහටගස්තැන්නේ සංචාරක හෝටලයකට ගියා. හෝටලයේ අංක 1 කාමරයේ අපි දෙන්නා ඉද්දි මනාලියගේ මස්සිනා ඇවිත් අපි දෙදෙනාව ති‍්‍රවිල් එකක දමාගෙන ගිහින් අතරමගදි මාව බස්සවා මනාලිය අරගෙන ගියා. අනේ එයාට මොනයම් කරදරයක් කරයිද කියා දන්නේ නැහැ.
රුවන්වැල්ල පොලිසියට මහ ? දුව ආ තරුණයෙක් එහි සිටින නිලධාරීන්ට කිව්වේ දෑසේ කඳුළු පුරවාගෙනය.
මේ පැමිණිල්ල මනාලයා විසින් පොලිසියට කළේ මීට වසර 13කට පමණ කලින්ය. ඒ කියන්නේ 2002 ජනවාරි මාසයේ 30 වැනිදාය.
රුවන්වැල්ල පොලිසියේ එවකට ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස උසස්වීම් ලබා දැන් කන්තලේ ප්‍රදේශයේ රාජකාරි කරන රොහාන් පේ‍්‍රමරත්න මහතාය.
රොහාන් පේ‍්‍රමරත්න මහතා වහාම කි‍්‍රයත්මක විය. මධු සමය ගත කිරීමට ගොස් සිටියදී පැහැරගෙන ගිය මනාලිය හා ඇය පැහැරගත් මස්සිනා සෙවීමට පොලිස් කණ්ඩායමක් සමග සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ.
පැහැරගෙන ගිය මනාලිය සොයාගත් නමුත් මනාලියගේ මස්සිනා විසින් ඇය දූෂණය කර තිබූ අතර පසුව මස්සිනාද පොලිස් අත්අඩංගුවට පත්විය.
සිය පතිවත සල්ලාලයෙකුට පුද කිරීමට සිදුවීමේ වේදනාව ඉවසාගත නොහැකිව ඇය ඉකිගසා හඬන්නට වූවාය.
මනාලයා සිය මනාලියගේ දුක තුනී කිරීමට උත්සාහ කරමින් සිටියේය.
පොලිසිය මනාලියගෙන් ප්‍රශ්න කළේ සිද්ධ වෙච්චදේ දැන ගැනීමටය.
මම මෙයාව කසාද බැන්දේ මගේ මව්පියන්ගේ යෝජනාවකටයි. ඒ අනුව අපි දෙන්නා නීත්‍යානුකූලව කසා බැන්දා. ඊට පස්සේ අපි දෙන්නා මධු සමය ගත කරන්න කහටගස්තැන්න ප්‍රදේශයේ තියන සංචාරක හෝටලයකට ගියා. හෝටලයේ පළමුවැනි කාමරයේ අපි දෙන්න රෑ ඉද්දී දොරට ගහන ශබ්දයක් ඇසුනා. සැමියා දොර ඇරලා බැලූවාම අමුත්තෙක් හමුවීමට පැමිණ සිටින බව හෝටල් සේවකයා අපට දැනුම් දුන්නා. ඔහු මගේ අක්කා බැඳලා ඉන්න මහත්තයා කියා දැන ගත් නිසා එන්න කියා පැවසුවා යැයි මනාලිය පැවසුවාය.
මනමාලිය තවදුරටත් තමන් මුහුණදුන් අවාසනාවන්ත සිද්ධිය ගැන පොලිස් නිලධාරීන් සමග විස්තර කරමින් මෙසේද පවසා ඇති බව දැන ගැනීමට ඇත.
ඇයි හදිසියේ අපව සොයාගෙන ආවේ කියා ඇසුවා. මස්සිනා කිව්වා ඔයාගේ නංගිටයි දරුවන්ටයි එයාගේ මහත්තයා හොඳටම ගහලා නංගිට හොඳටම අමාරුයි කියා. කරවනැල්ල ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා ඉන්නේ කියා අපි දෙන්නටම ඉස්පිරිතාලෙට යන්න එන්න කියා කතා කළා. දැන් එන්න බැහැ හෙට උදේට එන්නම් කියා කිව්වා. නැහැ ඔයාගේ නංගිට හොඳටම අමාරුයි. ඒ හින්දයි මම දැන්ම ආවේ කියා. ඒ නිසා මමයි සැමියයි නංගිව බලන්න යන්න තීරණය කළා. මම ඒ වෙලාවේ දුහුල් නයිටියක් ඇඳගෙන හිටියේ. එයට උඩින් හවුස් කෝට් එක ඇඳගත්තා. පසුව මස්සිනා පැමිණ සිටි ත්‍රිරෝද රථයට නැග්ගා.
කරවනැල්ල රෝහලට යමින් සිටියදී ති‍්‍රරෝද රථය නතර කරන්න කියා මස්සිනා රියදුරාට කිව්වා. හෝටලයක් ළඟයි ත්‍රිවිල් එක නතර කළේ. ඉස්පිරිතාලයේ ඉන්න නංගිට කන්න දෙන්න ආප්ප අරන් එන්න කියා මස්සිනා සැමියාට පැවසුවා. සැමියා ති‍්‍රවිල් එකෙන් බැහැලා ආප්ප ගේන්න හෝටලයකට ගියා. එතකොට ති‍්‍රවිල් එකේ රියදුරාට මස්සිනා කිව්වා අපි යමු කියා. මස්සිනා මාව පැහැරගෙන යන බව තේරුම් ගියා. ඒ නිසා මාව බේරාගන්න කියා කෑ ගැසුවා.
දුහුල් ඇඳුමින් සැරසී සිටි මනාලිය පැහැරගෙන යටියන්තොට හරහා වරාවල හන්දියට පැමිණ නැවතත් අගුරුවැල්ලටද පැමිණ ගල්පාත මාර්ගය ඔස්සේ මනාලියගේ නැන්දා කෙනෙකුට අයත් නිවෙසකට ගෙන ගොස් බලහත්කාරයෙන් රැයක් ඇය රෑෂණයකර ඇති බව පොලිසිය කියයි.
පොලිසිය පවසන ආකාරයට විවාහයට සතියකට දෙකකට පමණ කලින් මධු සමය ගත කිරීමට යාමට හෝටලයක් බැලීමට යාමට මනාලයා හා මනාලිය ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා සමග සැකකාර මස්සිනාද ගොස් ඇත.
මනමාලයා පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා ඇතැයි කියන්නේ මෙවැනි කතාවකි.
මධු සමය ගත කරන්න අපි දෙන්නා හෝටලයට ආවා. බිරියගේ නංගිට හොඳටම අමාරුයි කියා එයාගේ මස්සිනා කිව්ව නිසයි අපි රෝහලට යන්න පිටත්වුණේ. මේ ගමන යන්න බිරියගේ එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් පසුව යන්න තීරණය කළා. ආප්ප ගන්න ඕනෑ කිව්ව නිසා මම ති‍්‍රවිල් එකෙන් බැහැලා ගියා. බිරියගේ මස්සිනා කරන්නේ බොරුවක් බව නිකමටවත් හිතුනේ නැහැ. මෙහෙම දෙයක් කරයි කියා හීනෙකින්වත් හිතුවේ නැහැ. ආප්ප අරන් ඇවිත් බලද්දී ති‍්‍රවිල් එක නතර කරපු තැන තිබුණේ නැහැ. ති‍්‍රවිල් එකේ අංකය මට හොඳට මතක තිබුණා. ඒ හින්දා මම වෙනත් ති‍්‍රවිල් එකක නැගලා අර ති‍්‍රවිල් එක හොයාගෙන ගියා. යටියන්තොට පොලිස් මාර්ග බාධකයේ ඉන්න නිලධාරීන්ගෙන් එහි අංකය කියා ති‍්‍රවිල් එකක් ගියා දැක්කද කියා ඇසුවා. ඔවුන් එවැනි ති‍්‍රවිල් එකක් දැක්කේ නැහැ කියා පැවසුවා. බිරිය හා මස්සිනා ගිය ති‍්‍රවිල් එක ආගිය අතක් සොයා ගැනීමට නොහැකිවුණ නිසා මම මේ ගැන රුවන්වැල්ල පොලිසියට ගොස් පැමිණිලි කළා.
රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික නඩු විභාගයක් පැවැත්වීමෙන් පසු සැකකරුට නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කිරීමෙන් පසු කෑගල්ල මහාධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනිණි.
කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා සැකකරුට මනාලිය පැහැරගෙන යාමේ වරදට වසර දෙකක්ද දූෂණය කිරීමේ වරදට වසර 7 සිර දඬුවමක්ද නියමකර එය එක්වර ගෙවීයන ලෙසටද කි‍්‍රයාත්මක කිරීමටද නියෝග කරනු ලැබීය.
අගතියට පත් පැමිණිලිකාර මනමාලියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමටද රුපියල් 7,500 ක දඩ මුදලක් ගෙවීමටද මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා නියෝග කළේය.
වන්දි මුදල නොගෙවන්නේ නම් මාස හයක (06) සිර දඬුවමක්ද දඩ මුදල නොගෙවන්නේ නම් තවත් අතිරේක මාස 6ක සිර දඬුවමක්ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කර ඇත.
නඩු තීන්දුව ලබාදුන්නේ මෙම සිද්ධියට වසර 13ක පමණ කාලයකට පසුවය.
චූදිත විත්තිකරු අධිකරණයේදී කියා සිටියේ පැමිණිලිකාර මනාලියගේ කැමැත්ත මත තමා මෙවැනි දෙයක් කිරීමට පෙළඹුන බවය.
රුවන්වැල්ල පොලිසියේ එවකට පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පේ‍්‍රමරත්න මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක නිමල් පොලිස් සැරයන් ජයරත්න (30769), සැරයන් සුනිල් (46640) යන මහත්වරුන් සහ කාන්තා කොස්තාපල් දමයන්ති (2121) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත.
විත්තිය වෙනුවෙන් නීතිඥ හරිත සේනානායක මහතාද පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ජයකි වෑගොඩපොල මහත්මියද පෙනී සිටියහ.