මුදල් සහ කාලය කන බව දැනුණු නිසා නඩුව අයින් කරගත්තා


තමාට අපහාසයක් සිදු කළේ යැයි කියමින් රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ විසින් දමිතා අබේරත්න රංගන ශිල්පිණියට එරෙහිව නඩුවක් පවරනු ලැබුවේ මීට වසරකට පමණ පෙරදීය. මෙහිදී තමාට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දියක් සේමිණි ඉල්ලා සිටියාය.

 

18_MAIN_P_222

18_MAIN_P_22


තමුන්ට ද අපහාසයක් සිදුවිණැයි ප‍්‍රකාශ කරමින් දමිතා අබේරත්න ශිල්පිනිය ද සේමිණිට එරෙහිව රුපියල් දස කෝටියක වන්දියක් ඉල්ලා සිිටියාය.
මේ අනුව වසර එකහමාරක පමණ කාලයක් දක්වා ඇදී ගිය මෙම නඩුව දෙපාර්ශ්වයේම එකඟතාවය මත පසුගියදා සමතයකට පත්විණි. රංගන ක්ෂේත‍්‍රයේ ශිල්පිනියන් දෙදෙනකු ලෙස එකිනෙකාට එරෙහිව නඩු පවරා ගෙන නැවත ඒ නඩු ඉල්ලා අස්කර ගත් පසු සේමිණි ඉරිදා ලංකාදීපයට අදහස් ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.

 


0101 සේමිණි මේ සිදුවීම ගැන අද ඔබට හිතෙන්නෙ කොහොමද?
එදා මට වෙච්ච අපහාසය නිසා තමයි එලෙසින් නඩුවක් පැවරුවේ. වසර එකහමාරක් විතර මේ නඩුව ඇදීගෙන යද්දී මෙය කිසි වැඩකට නැති, කාලය සහ මුදල් වැය වන වැඩක් කියලා හිතුණා. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් වගේම පවුලේ අයගෙනුත් නිරන්තරයෙන් මට උපදෙස් ලැබුණා. මේ නඩුව අවුරුදු එකහමාරකට පස්සේ ඉල්ලා අස්කර ගත්තෙ ඒ නිසයි.

 


0101 මේ විදියට නඩුව පැවරීමට පෙර, ඔබට ඒ ගැන හිතුණේ නැද්ද?
ඒ වෙලාවෙ මට වෙච්ච අපහාසය නිසා මගෙ හිත හොඳටෝම රිදිලා තිබුණා. අපි කවුරුවත් අපහාස විඳින්න කැමති නැහැනෙ. මාත් මනුස්සයෙක්. ජීවිතයෙ නොකළ දෙයකට අපහාස විඳින්න වුණාම ටිකක් කලබල වුණා. මට වෙච්ච අපහාසයට සාධාරණ තීන්දුවක් ගන්න  ඕනෑ කියන තැන ඉඳගෙන එදා ඒ විදිහට නඩුවක් ගොනු කළා. නමුත් දවසින් දවස අපි ජීවිතයට අවබෝධය ලබා ගන්නවනෙ. ඒ අනුව මේ තීන්දුවට එළැඹුණා.

 


0101 මේ තීන්දුව ගත් පසුව සමාජයෙන් සහ සමීපතම අයගෙන් ලැබුණෙ මොනවගේ ප‍්‍රතිචාරද?
ඇත්තටම ගොඩාක් අය මට හොඳ කිව්වා. සිද්ධ වෙච්ච දේ වුණා. ආයේ ගෝනි මඬේ දදා හෝදනවා වගේ මේ දේවල් ඉදිරියට අවශ්‍ය නැහැ කියලා. එදා තිබූ මානසිකත්වය අද නැති වුණාට මගේ රිදිච්ච හිත තවම හැදිලා නැහැ. කාලයාගේ ඇවෑමෙන් එයත් මඟ හැරේවි.

 


0101 කලාව තියෙන්නෙ, කලාව කරන්නෙ කලහ කරගන්න නෙවෙයිනෙ. එදා මේ සිදුවීම ගැන මිනිස්සු විමසුවේ එහෙම නේද?
ඔව් ඒක හරි. නමුත් අසාධාරණයක් වුණාම ගන්න තියෙන හොඳම දේ තමයි මම කළේ. එහෙම නැතුව කවදාවත් කලහ කර ගන්න ගියේ නැහැ. මට ඔප්පු කරන්න සාක්‍ෂි සමග මගේ නිර්දෝෂීභාවය ගැන කියන්න බොහෝ දේ තිබුණා. නමුත් සියල්ල තිිබිය දී මේ නඩු හබවල එල්ලී සිටීම කිසි වැඩකට නැති දෙයක් කියලා හිතුණා.

 


0101 එදා මේ නඩුව යොමු කරන්න පෙර දෙන්නට කතා කරගෙන විසඳාගන්න තිබුණනෙ?
ප‍්‍රසිද්ධියේ ගුවන් විදුලි නාලිකාවක් හරහා මට අපහාස එල්ල කළාම, ඊට වඩා තවත් දෙයක් තියෙනවද? හැබැයි දැන් ඒ අතීත සිදුවීම මතක් කරන්නවත් මම කැමැති නැහැ.

 


0101 නඩුව ඉල්ලා අස්කර ගත්තාට පස්සෙ දෙන්නා අතටxඅත දීලා සහෝදරත්වය ප‍්‍රකාශ කර ගත්තද? කොහොමද ඒ අවස්ථාව ගැන සිහිපත් කළොත්?
නැහැ, එහෙම දෙයක් දැනට මගේ පාර්ශ්වයෙන් වෙලා නැහැ. අපට එකට රඟපාන්න පුළුවන් වේවි. නමුත් මම මුලින් කිව්ව වගේ මගේ රිදිච්ච හිත හැදෙන්න තව කල්යාවි. මේ නඩුවෙන් ඉවත්වීම මට සතුටට කාරණයක් වුණාට, අනෙක් පාර්ශ්වය දැනටත් කරනxකියන දේ අනුව එලෙසින් සතුටුවෙනව ද කියලා මම නම් දන්නෙ නැහැ. ප‍්‍රශ්නයක් විසඳා ගත්තාම හරි නම් සතුටු වෙන්න එපායැ.

 


0101 ඔබගෙ හිතේ වෛරය ක්‍රෝධය නැද්ද? ඇයි තවදුරටත් මේවා ගැන මේ විදියට හිතන්නේ?
මගේ හිතේ කවදාවත් වෛරයක් තිබුණෙ නැහැ. හරි කලකිරීමක් තිබුණේ. මට රකින්න, රැකගන්න ගොඩාක් දේ තියෙනවා. මගේ පවුල මට ඔක්කොටම වඩා වැදගත්. මේ ප‍්‍රශ්නය මේ විදියට ඉවර කර ගත්තෙ දෙපාර්ශ්වයේම එකඟතාවය මතයි. නැතුව ඒකපාර්ශ්වීය විදියට නෙවෙයි. ඒ නිසා යහපත් දැක්මෙන් - යහපත් විදියට මේ ගැන හිතන්න, දකින්න, මනුස්සකමට හැමෝම ගරු කරන්න කියලා සපත කරන්න කැමතියි.

 

sandun-gamage