යු ටියුබ් වෙත වීඩියෝ ක්ලිප් හදන ශ‍්‍රීමාල් සහ කුෂාන්


1

3මාල් ප‍්‍රියංජන රාජරත්න සහ කුෂාන් කන්නන්ගර මේ දිනවල බොහෝ තරුණ තරුණියන් අතරේ ජනප‍්‍රිය චරිත දෙකකි. සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන බොහෝ දෙනෙක් ඔවුහු හොඳින් හඳුනති. යූ ටියුබ් වෙබ් අඩවියේ ශ‍්‍රී ලාංකිකයනට රස විඳිය හැකි අලූත්ම තාලයේ වීඩියෝ නිෂ්පාදකයන් දෙදෙනකු ලෙස කුෂාන් සහ ශ‍්‍රීමාල් ප‍්‍රකටය. ශ‍්‍රීමාල් යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ ද, කුෂාන් යටියන්තොට එන් එම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයයේ ද ඉගෙනුම ලැබූහ.


කුෂාන්, ශ‍්‍රීමාල්ගේ නිවෙස අසලSLD_20140907_B023 නිවසක පදිංචියට එද්දී දෙදෙනාගේම සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව තිබිණි. ඒ මීට වසර හතර පහකට පෙරදීය. වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔවුහු හොඳම මිතුරෝ වූහ. දෙදෙනා සම වයසේ වීම ඔවුන්ගේ මිත‍්‍රත්වය වැඩි වීමට හේතු වන්නට ඇත.
දෙදෙනා අලූතින් යමක් කරන්නට උත්සාහ කළේ උසස් පෙළට සූදානම් වන අතරතුරේය. උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙන ගන්නා ගමන්  අධ්‍යාපන වැඩ අතරේ නිර්මාණාත්මක දෙයක් කිරීමට සිතූ මේ දෙදෙනා ඒ සඳහා තෝරා ගත්තේ යූ ටියුබ් වීඩියෝ වෙබ් අඩවියයි.


ඔවුහු හිපොප් නර්තනයට ද දක්ෂයෝය. විවිධ  සින්දුවලට හාස්‍යයද මුසු කරමින් නටමින් ඒවා වීඩියෝ කරමින් ඔවුහු විනෝද වූහ. ඉන් පසු මෙලෙස නටන වීඩියෝවක් ”ගමේ හිපොප්” ලෙස නම්කර මුලින්ම යූ ටියුබ් වෙබ් අඩවියට එක් කළේ 2012 නොවැම්බර 13 වැනි දා ය. ඊට විශාල ප‍්‍රතිචාරයක් ලැබිණි. ෆේස් බුක් ඔස්සේ ද එය තරුණ තරුණියන් අතරේ ප‍්‍රචාරය වන්නට වැඩි දවසක් ගියේ නැත.


මෙලෙස අලූත්ම ආකාරයේ වීඩියෝ කරමින් ඒවා යූ ටියුබ් වෙබ් අඩවියට එකතු කරමින් ලංකාවේ අලූත්ම රැුල්ලක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ විය.  ඊට සහාය දැක්වූයේ කුෂාන්ගේ සහෝදරයාය. ඔහු නමින් චමිඳු ගිම්හාන් කන්නන්ගරය.   තවමත් හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු ද සැබෑම දක්ෂයෙකි.
කුෂාන් සහ ශ‍්‍රීමාල් රඟපාද්දී ඒවා වීඩියෝ කළේ චමිඳුය. ඒ රුපියල් 12,000කට මිලදී ගත් සාමාන්‍ය ඩිජිටල් කැමරාවකිනි. ඇතැම් තැන්වල දී චමිඳු ද රඟපෑමට එක් විය. ඔවුන් ගැටලූවට පත් වූයේ තිදෙනාම එක විට පෙනී සිටින දර්ශනයක්  ගැනීමට අවශ්‍ය වූ විටය. මඳ වේලාවක් කල්පනා කර ඊට විකල්පයක් යෙදීය. ඒ කැමරාවේ වීඩියෝ වීමට සලස්වා එය කොහේ හෝ රඳවා තැබීමයි. පටිගත කරන වීඩියෝ සංස්කරණය කළේ කුෂාන්ය. සමාජයේ විටින් විට කතාබහට ලක්වන මාතෘකා ගෙන ඔවුන් නිර්මාණය කළ වීඩියෝ බොහෝය. ඒ අතරින් ෆුල් ෆේස් හෙල්මට් නීතිය  ගෙන ඒමෙන් පසු නිර්මාණය කළ වීඩියෝව බොහෝ දෙනකුගේ පැසසුමට ද ලක්විය. ”සිංහල සින්දු සැබෑ ජීවිතයේ දී” ලෙස නම් කර යූ ටියුබ් වෙත මුදා හළ වීඩියෝව කුෂාන් සහ ශ‍්‍රීමාල්ගේ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝවයි. එය එක්ලක්ෂ අනූ දහසකටත් අධික පිරිසක් නැරඹූහ.


ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් සහ අපි, එක්ස් ඒලියන් ඇන්ඞ් අස්, බේබද්දාගේ අවුරුද්ද, ෆෙස්බුක්, සූර පප්පලාට එරෙහිව රැුජිනට යවන කේක් එක, විදුලිබිල වැඩි වෙලා අපට වුණ දේ, හැරීපෝටර් ඉන් රියල් ලයිෆ්, සෝමාලියාවෙන් ආ වල්ල පට්ටා හොරා, තැඹිලි ආදී යූ ටියුබ් වීඩියෝ ද වැඩි පේ‍්‍රක්ෂකයන් පිරිසක් නරඹා තිබිණි.

2
මේ වන විට ඔවුන් කර ඇති මුළු නිර්මාණ ගණන සියයකට ආසන්නය. ඒ අතර කෙටි චිත‍්‍රපට, විනෝදාත්මක වැඩසටහන්, උපහාසාත්මක වැඩසටහන් ආදිය ද වෙයි. දැන් ඔවුන්ගේ වීඩියෝ කලාව  පියවර ඉදිරියට තබා ඇත්තේ අඩු පහසුකම් මැද ලංකාවේ ලස්සන තැන් සොයා ගොස් ඒවා ගැන වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර පේ‍්‍රක්ෂකයන්ට විනෝදය පමණක් නොව දැනුමද ලබා දෙමිනි.  ඔවුන්ගේ බලාපොරොත්තුව ලංකාවෙන් එහා ගිය විදෙස් රටවල තැන් ද ලංකාවේ පේ‍්‍රක්ෂකයනට පෙන්වීමට සැලැස්වීමකි.


සමාජ වෙබ් අඩවි මගින් විවිධ අපරාධ සහ අයථා දෑ කරන බවට දිනෙන් දින තොරතුරු වාර්තා වන සමාජයක එය හොඳ ආකාරයට භාවිත කරමින් නිර්මාණාත්මක දෙයක් ලෝකයට දායාද කරන්නට වෙර දරණ මේ තරුණයන් දෙදෙනා ආ ගමන ගැන ඔවුන්ගෙන් විමසීමු.


මේ ශ‍්‍රීමාල් ය.

”අද වනවිට අප ආ ගමන ගැන ආඩම්බරයි. මගේ පවුලේ කිසිම කෙනෙක් හෝ කුෂාන්ගේ පවුලේ කිසිම කෙනෙක් හෝ මේ වීඩියෝ හදන කලාව පැත්තට සම්බන්ධ වෙලා නෑ. අපි තුන් දෙනා එකතු වෙලා සමාජයට අලූත් දෙයක් දුන්නා කියා අපි හිතනවා. අපට ෆෙස් බුක්එකේ දි වගේම, මග තොටේදිත් බොහෝ දෙනෙක් හමු වුණා. අපේ වීඩියෝ කලාව අගය කරන බොහෝ දෙනක් අපට කතා කරනවා. මට හිතෙන්නේ අප මිනිසුන් හම්බ කළා කියලයි.
අපි කරන දේවල්වලින් අපත් විනෝද වුණා. අපේ සතුට හැමෝම එක්ක බෙදාගත්තා. අපේ සමහර රසිකයෝ ණයට සල්ලි අරගෙන කාඞ් එකක් දාගෙන තමයි යූ ටියුබ් ගිහින් වීඩියෝ බලන්නේ. ඒ අය වෙනුවෙන් අපි දිගටම හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.”


මේ කුෂාන්ය.
”ඇත්තටම අපි මේ ආපු ගමන ගැන ගොඩක් සතුටු වෙනවා.  පොඩි කාලෙ ඉඳලා මට තිබුණේ වැඩසටහන් අධ්‍යක්ෂ කෙනෙක් වෙන හීනයක්. ඒ හීනයට ටික ටික ළං වෙනවා කියලා දැනෙනවා. අපි මේ ගමන පටන් ගත්තේ පොඩි කැමරාවකින්. අද බොහෝ පේ‍්‍රක්ෂකයන් පිරිසක් අපට ඉන්නවා. බොහෝ දෙනෙක් බලන් ඉන්නේ අපේ අලූත් නිර්මාණයක් යූ ටියුබ් වෙත මුදා හරිනකම්. ගොඩක් දෙනෙක් කතා කරලා අපව අගය කරනවා. දවසින් දවස අලූත් දෙයක් අපි ඉගෙන ගන්නවා. ඉතින් අප සතුටු වෙනවා මේ ආපු ගමන ගැන.

 

අපේ ඊමේල් ලිපිනය

[email protected] අපේ දුරකතන අංකය - 0771947469. මේ දෙකෙන් අපිව සම්බන්ධ කර ගන්න පුළුවන්. අපේ වීඩියෝ බලනවා නම් යූ ටියුබ් ඇවිත් කුෂාන් ශ‍්‍රීමාල්ශෝ (KushanSrimalshow)  කියලා ගහන්න. අපිත් එක්ක නිතරම රැඳී සීටිමට නම් අපේ ෆෙස්බුක් පිටුව තමයි "Kushan & Srimalzsvideos and stuff˜  ඒක ලයික් කරන්න. ඒ වගේම තමයි අපේ You tube Chanel එක subscribe කරන්නත් අමතක කරන්න එපා..”

m