හර්ෂණ තුෂාර සිල්වා
වැඩවර්ජන, උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංග වුවද වැඩවර්ජන උද්ඝෝෂණ තම පටු උවමනා මුදුන් පමුණුවා ගන්නා උපායමාර්ග බවට පත් කරගෙන තිබේ.
අප නිරන්තරයෙන් කතා බහ කරන සහ ආදර්ශ ආකෘතියක් වන සිංගප්පූරුවේ අසාහය නායකයා ලෙසින් හැඳින්වෙන හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා වරෙක කළ කතාවක කොටසක් මෙසේ උපුටා දැක්වේ.
සිදුවීම මෙසේය. 1980 වසරේ මහ මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී ‘සිංගප්පෝ එයාර්ලයින්ස්’ සමාගමේ ගුවන් නියමු සංවිධානය, (සිංගප්පෝ එයාර්ලයින්ස් පයිලට්ස් ඇසෝෂියේෂන්) 1980 වසරේදීම වැඩ වර්ජනයක් දියත් කරන්නේය. එය දැඩි අර්බුදයකට යන අතර ඉහළ වැටුප් සහ ඉහළ ප්‍රතිලාභ ඉල්ලමින් මාසයකට ආසන්න කාලයක් එය පැවැතියේය.
මෙම තත්ත්වය නොඉවසූ ලී ක්වාන් යූ මහතා ඊට මැදිහත් විය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී අදහස් දක්වන සිංගප්පූරුවේ අගමැතිවරයා මෙසේ කියන්නේය.
“මම ගුවන් නියමුවන් හමුවුණා. මම ඔවුන් හමුවුණේ රූපවාහිනියෙන් නෙමෙයි. මම මුහුණට මුහුණ ඔවුන් හමුවුණා"
"මේසයේ එක පැත්තකට ඔවුන්. එක පැත්තක මම. අපි දෙගොල්ලෝ හිටියේ අඩි පහක් දුරකින්. ඔවුන්ට මාව පේනවා. මට ඔවුන් පේනවා. ශක්තිමත් තවමත් සටන් කළ හැකි මා දෙස බැලීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මා සමඟ සටන් කරනවාද නැතිනම් පරාජය බාරගන්නවාද කියා තීරණය කරන්න ඔවුන්ට අවස්ථාව තිබුණා"
"මම ඔවුන්ට තෝරාගැනීම් දෙකක් දුන්නා. මේ තර්ජනය, (ඇත්ත වශයෙන්ම එය තර්ජනයක්) නවත්වනවාද ? එහෙමත් නැතිනම් නැවතත් සේවයට එනවාද කියන තෝරාගැනීම් දෙක මම ඔවුන්ට දුන්නා. මම ඔවුන්ට තෝරාගැනීමක් කරන්න අවස්ථාවක් දුන්නා"
සති දෙකක් තිස්සේ වැඩ වර්ජනයේ යෙදෙමින්, ගුවන් ගමන් අඩාල කරමින්, ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල්, දැන්වීම් සඳහා වියදම් කරන ලද මුදල් සියල්ල මේ වර්ජනය විසින් විනාශ කරන ලැබුවා. මේ වැඩ වර්ජනය සියල්ල විනාශ කළා"
"ඔබලා කැමති නම් මෙය දිගටම කරගෙන යන්න. එහෙම වුණොත් මම මට හැකි උපරිමයෙන්, මට සියලු වෙර දරා, මම ඔබට හොඳ පාඩමක් උගන්වනවා. සිංගප්පූරු ජනතාවගේ උදවු ඇතිව ඔබට ජීවිතයට අමතක නොවන පාඩමක් උගන්වනවා" යයි මා ඔවුන්ට කියා සිටියා. එය නැවත නැවත කීමට මා සූදානමින් සිටියා.
"එසේ නැතිනම් මේ වර්ජනය නැවැත්විය යුතුයි. මා සියල්ලටම සූදානමින් සිටියේ"
"මා ඔවුන්ට දුන් අනෙක් තෝරාගැනීම මේකයි"
"එහෙම නැතිනම් ඔය වර්ජනය නවත්වලා, නැවත වැඩ කරන්න. වැඩ කරමින් ප්‍රශ්නය සාකච්ඡවට ගනිමු. විනයගරුක වෙන්න. ඉන්පස්සේ මා සමඟ සාකච්ඡා කරන්න" යයි මා ඔවුන්ට කියා සිටියා.
"සටන් කිරීමෙන් පලක් නැති බව ඔවුන්ට තේරුණා. ඒ නිසා ඔවුන් විනාඩි 65 කදී තීරණයක් ගත්ත"
"ඔවුන් තේරුම් ගත්තා ඔවුන් නොමැතිව ගුවන් සේවය කරගෙන යන බව. ඔවුන් නීතිය දැනගත්තා. ගුවන් සේවය ක්‍රියාත්මක කරගෙන යෑමට මට හැකියාව තිබෙන බව ඔවුන් තේරුම් ගත්තා"
"සිංගප්පූරුව පාලනය කරන ඕනෑම නායකයකුට ඒ ශක්තිය තිබිය යුතුයි. රට කරගෙන යා යුතුයි. වැරැදි වෙන්න බැහැ. බැරි නං දාලා යන්න ඕනේ"
"මේක කාඞ් සෙල්ලමක් නෙමෙයි. මේ ඔබේත් මගේත් ජීවිතය. මේ රට ගොඩනගන්න මම මගේ මුළු ජීවිත කාලයම කැපකළා. මම ඉන්නකං කාටවත් මේක වට්ටන්න දෙන්නේ නැහැ”. යයිද ලී ක්වාන් යූ මහතා කීවේය.