සිසුවිය පසුපස ආ භූතයන් හතරදෙනා මට්ටු කළ හැටි...


  dfh 

 

භූතාත්මයක් නිසා වසර 4ක පමණ කාලයක් තිස්සේ 15 හැවිරිදි පාසල් සිසුවියක් නොයෙකුත් තාඩන පීඩනවලට ලක්ව සිටින්නීය.
මේ භූතාත්ම තුන වරින් වර නොයෙකුත් කරදර හිරිහැර කරන නිසා සිසුවියගේ අධ්‍යාපන කටයුතුද අඩාලව ඇත. ඒ නිසා ඇයගේ මව්පියෝද අසරණව සිටිති.
ඇයට බොහෝ දවස්වලට පාසල් යාමටද නොහැකි වී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව ? එළිවෙනකම් භූතාත්ම කරන බලපෑම හා නොයෙකුත් කරදර හිරිහැර විඳීමට සිදුව ඇති නිසාය.
පාඩම් කරන පොත්පත් පවා උදුරා මේ භූතයන් විසිකර දමන බව සිසුවිය පවසන්නීය.

 


පසුගිය වසර 4ක පමණ කාලයක් පුරා භූත කරදරවලින් බේරීම සඳහා යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කර ඇතත් ඒ සියල්ල ගඟට කැපූ ඉනිමෙන් වී ඇත.
මීට අවුරුදු 5කට පමණ පෙර මිය ගිය සිසුවියගේ අත්තා, ඒ කියන්නේ ඇයගේ අම්මාගේ තාත්තාගේ භූතාත්මයද මීට වසර 17කට පමණ පෙර මිය ගිය අසල්වැසි පුද්ගලයකුගේ භූතාත්මයද, මුළු ඇඟ පුරාම ලෝම වලින් පිරී ඇති කටමහත පුද්ගලයකුගේද භූතාත්මයද ඇයට කරදර හිරිහැර කරන බව මව්පියෝ පවසති.


මහව ප‍්‍රදේශයේ පදිංචිව සිටින මේ මව්පියන් දෙදෙනා පසුගිය 10 වැනිදා දියණියත් කැටිව මහනුවර මහ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා සොයාගෙන ආවේ බැරිම තැනය.

13-page1-S2-1
ඔවුන් වෛද්‍යවරයා ගැන දැනගෙන තිබුණේ ඉරිදා ලංකාදීපයේ භූත කතාන්දර ගැන පළවන ලිපිපෙළ මාර්ගයෙනි.


‘‘මහත්තයෝ අපි හරිම අසරණ මිනිස්සු. කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. මේ අපට ඉන්න එකම දරුවා. අපි එයාව ඇසක් වගේ රැකබලා ගන්නේ. හොඳට ඉගෙන ගන්නත් පුළුවනි. මේ භූත කරදරය හින්දා ඉස්කෝලේ වැඩත් කරගන්න බැරිව ගිහින් තියෙන්නේ. භූතයන් තුන්දෙනා පන්නා ගන්න ගුරුකම් කරලාම අපි නැත්තටම නැතිවෙලා ඉන්නේ. කොහොම හරි මේ භූත කරදරයෙන්  දුව බේරා දෙන්න’’ යැයි දැරියගේ මව්පියෝ දෙන්නා වෛද්‍යවරයා හමුවේ පැවසුවේ බැගෑපත්වෙමිනි.


මව්පියන් දෙපළ සමඟ කතාබහ කර විස්තර විමසා දැනගත් වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඊළගට කතා බහ කළේ භූතාත්ම තුන නිසා කරදර හිරිහැර වන බව කියන 15 හැවිරිදි දැරිය සමගය.


‘‘මම තනියම ඉන්න වෙලාවට තමා භූතයන් තුන් දෙනා ඇවිත් මට හිරිහැර කරන්නේ. කට්ටිය එක්ක ඉද්දී භූතයන් මට කරදර කරන්න එන්නේ නැහැ’’ යැයි පවසමින් දැරිය වෛද්‍යවරයා සමඟ කතාව කීමට පටන්ගත්තාය.


මගේ අත්තා මීට අවුරුදු 4කට විතර කළින් මියගියා. අත්තා මිය ගිහින් මාස තුනක්වත් ගියේ නැහැ. අත්තා මාව හොයාගෙන එන්න පටන් ගත්තා. මම ? කාමරයේ තනියම ඉද්දී තමා මාව හොයාගෙන එන්නේ. මගේ බෙල්ල මිරිකන්න හදනවා. මම පොත්පත් පාඩම් කර කර ඉද්දී පොත්පත් ඇදලා අරන් විසිකරනවා. පාඩම් කරන්නවත් දෙන්නේ නැහැ. ?ට විතරක් නොවේ දවල්ටත් අත්තාගේ භූතාත්මය මාව සොයාගෙන එනවා. මගේ දිහා බලාගෙන ඉන්නවා. එතකොට මම බය වෙලා කෑගහහනවා. එතකොට අත්තාගේ භූතාත්මය  එයා ඉන්න ලෝකයට යන්න කතා කරනවා. මම බැහැ කියා කෑ ගසනවා. එතකොට අත්තාට හරියට තරහ යනවා. බෙල්ල මිරිකන්නේ තරහ ගියාමයි.’’


‘‘අත්තා වැරහැලි ඇඳගෙන තමා මා ඉස්සරහ පිටට එන්නේ. හරිම අපිරිසිදු විදිහට තමා ඉන්නේ. කොණ්ඩය වත් හරියට පීරලා නැහැ. මුහුණ දිහෑ බලන්න බෑ බයයි. අත්තා ජීවතුන් අතර ඉද්දී හරිම පිළිවෙළට ඇඳුම් ඇන්දා. කොණ්ඩය එහෙම පිළිවෙළකට පීරලා පිරිසිදුව හිටියා. හැමදමා වගේ නෑවා. එහෙම පිරිසිදුව පිළිවෙළකට හිටිය අත්තා මිය


ගියාට පස්සේ මේ විදිහට ඉන්නේ මොකද කියා මම නිතරම කල්පනා කළා’’ යැයි දැරිය එක දිගටම වෛද්‍යවරයා හමුවේ කියාගෙන ගියාය.


වෛද්‍යවරයා:- අත්තා මේ විදිහට අපිරිසිදුව ඉන්න හේතුව මොකද කියාද හිතුනේ?
සිසුවිය:- අත්තා මැරුණාට පස්සේ පෙරේත ආත්මයක ඉපදිලා කියා තමා මේ විදිහට ඉන්නේ කියා මට හිතුණා. පෙරේත ආත්මයක ඉපදිලා ඉන්න නිසා අත්තාට හරියට අඳින්න නැතිව ඇතිකියාත් මම හිතුවා.


ජීවත්ව ඉද්දී අත්තා (අම්මාගේ තාත්තා) මට හරියට ආදරෙයි. ඉස්කෝලේ යන්න පොත්පත් පවා අරන් දෙනවා. නිතරම කියන්නේ දුවේ හොඳට පාඩම් කරලා ඉගෙන ගෙන දොස්තර නෝනා කෙනෙක් වෙයං කියලයි. මට පුංචි කාලේ කනාත්නර එහෙම කියා දෙනවා. මට ආදරයෙන් හිටිය අත්තා දැන් මියගියාට පස්සේ භූතාත්මයක් වෙලා ඇවිත් මේ විදිහට කරදර කරන්නේ එයා පෙරේත ආත්මයක ඉපදිලා ඉන්න නිසා බවත් මට තේරුම් ගියා.

 


වෛද්‍යවරයා:-  දුවට කරදර හිරිහැර කරන අනෙක් භූතාත්ම දෙක ගැන විස්තර කියන්නකෝ.
සිසුවිය:- එක්කෙනෙක් අපේ ගෙවල් ළඟ හිටිය සීයා කෙනෙක් ඒ සීයා මැරෙද්දී මම ඉපදිලාවත් නැහැ. ඒ සීයා මැරිලා තියෙන්නේ මීට අවුරුදු 17කට විතර කලින්. සීයා ගැන මම අහලා තියනවා. ඒ වගේම සීයාගේ ෆොටෝ එහෙම දැකලා තියනවා. සීයාගේ භූතාත්මය මාව හොයාගෙන නිතරම මම ඉන්න කාමරයට එනවා. සීයා ඇඳගෙන ඉන්නේ සුදුපාට සරමක් හා සුදුපාට කමිසයක්. අත්තා වාගේම සීයාත් මම පාඩම් කර කර ඉද්දී පොත් වලින් ඇදලා විසිකරනවා පාඩම් කරන්න දෙන්නෙම නැහැ. මට පාඩම් කරලා ඉගෙන ගන්න හරිම ආසයි. අත්තාගේ හා සීයාගේ භූතාත්ම නිසා මට පාඩම් කරන්න විදිහක් ඇත්තේම නැහැ.


මට කරදර කරන අනිත් භූතාත්මය
කාගේද කියන්න මම දන්නේ නැහැ. මා ඉදිරියෙ පෙනී ඉන්න ඒ භූතාත්මයේ මුළු ඇගේම රෝම පිරිලා තියනවා. කළුම කළු පාටයි. දත් විලිස්සාගෙන ඉන්නේ. වරින් වර මා ඉස්සරහට ඇවිත් එක පාරටම නොපෙනී යනවා. රෑට තමා මේ භූතයා පෙනෙන්නේ. අත්තාගෙයි සීයාගෙයි භූතාත්ම නම් දවල්ටත් පේනවා.


‘‘කොයිවෙලාවක හෝ අත්තාගේ භූතාත්මය තමාව අත්තා ඉන්න ලෝකයට අරන් යයි කියා ලොකු බයක් හිතේ තිබෙන බවද’’ ඇය වෛද්‍යවරයා එක්ක වැඩිදුරටත් කියා සිටියාය.


අවුරුදු හතරක් තිස්සේ සිසුවියට කරදරකරන බිය පත් කරන ඇයට ඔවුන්ගේ ලෝකයට කැඳවාගෙන යාමට උත්සාහකරන භූතයින් තිදෙනා එලවා දැමීමට තොයිලයක් කිරීමට වෛද්‍ය ජනක ජයසූරිය මහතා සූදානම් විය.


හැබැයි ඒ තොවිලය අපේ රටේ ඉන්නා කට්ටඩින් කරන විදිහේ තොවිලයක් නම් නොවීය. එය භූතයන් පන්නා දැමීමේ විද්‍යාත්මක තොවිලයක් විය. ඒ තොවිලය කළ හැටි වෛද්‍යවරයාගේ කතාවේදී ඔබට කියවිය හැකිය.

f

g

 

මේ දැරිය තුළින් අපට දරුණු මානසික රෝග ලක්‍ෂණ කිසිවක් දකින්නට ලැබුණේ නැහැ. මෙය ඉතා සුළු මානසික ව්‍යාකූලතාවක් බව කිව යුතුයි.

13--Janaka-Jayasuriya
මිය ගිය කෙනකු හොල්මන් අවතාර භූතාත්ම ආදී විවිධ (මනඃකල්පිත) ස්වරූපයන්ගෙන් යළි පැමිණිය හැකිය යන්න අනාදිමත් කාලයක පටන් සමාජය තුළ පවතින මිථ්‍යා මතයක්. මිථ්‍යා මතයක් බව ඔප්පු කරන්නට  ඕනෑවටත් වඩා සාක්‍ෂි තිබියදී හොල්මන් අවතාර දෙවිවරු මෙන්ම දිව්‍යලෝක හා අපාය ගැනද තරයේ විශ්වාස කරන උගතුන් පවා සිටීම


කනගාටුවට කරුණක්. හොල්මන් අවතාර ආදිය මිනිසාගේ මනඃකල්පිත නිර්මාණයන් මිස සැබෑවටම ඇති දේවල් නොවේය යන පණිවිඩය වඩ වඩාත් සමාජගත වන්නේ නම් සාමාන්‍ය ජනයා තුළ මේ පිළිබඳව ඇති අනියත බිය දුරු කරන්නට එය මහඟු පිටුවහලක් වේවි.


ඉතා කෙටි වශීකරණයකින් මා මේ දැරියගේ හිතේ තිබුණු ඒ ගැටලූව නිරාකරණය කර දුන්නා. එතෙක් කල් ඇයට කරදර කරන්නට ආ බව කියන තිදෙනා යළි කිසිදිනෙක ඇයට කරදර කරන්නට එන්නේ නැති බවට ඇයට ප‍්‍රතිඥාවක් ද ලබා දුන්නා.


ඇගේ අධ්‍යාපන කටයුතු පෙර පරිදි කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඇයට දැන් අවස්ථාව තිබෙනවා. එසේ යන්ත‍්‍රමන්ත‍්‍ර ගුරුකම් ආදිය සඳහා වැය වුණ මුදල් ද ඒ දුප්පත් මාපියන්ට ඉතිරි කරන්නට පුළුවන් වෙනවා. ලක්‍ෂ ගණනක් වැයවන තොවිලයක් වෙනුවට විනාඩි කිහිපයකින් සුවය ලබන්නට ඇයට හැකිවේවි. ප‍්‍රධාන විභාගයක් ළඟාවන විට (සාමාන්‍ය පෙළ, උසස් පෙළ) දරුවන් තුළ ඇතිවන මානසික පීඩනය අධිකයි. මේ දැරිය තුළත් එවැනි ලක්‍ෂණ කිහිපයක් දක්නට ලැබුණා. (හිසරදය, නින්ද නොයාම ආදිය)


විභාගයක් යනු ජීවිතයේ එක් අංගයක් පමණක් බවත් විභාග හොඳින් සමත් වෙන සියලූ දෙනාම ජීවිතය සාර්ථක කරගන්නේ නැති බවත්, විභාග අසමත් වී වුවත් ජීවිතය ඉතා සාර්ථක කරගන්නා මිනිසුන්  ඕනෑ තරම් ලොව සිටිනා බවත් මා ඇයට මතක් කර දුන්නා.


කෙනකුගේ ඉරණම තීරණය කරන්නේ ඒ තැනැත්තා හෝ ඒ තැනැත්තියම බවත් දෙවියන්, යකුන්, භූතයන්, හොල්මන් ආදී මේ මනඃකල්පිත නිර්මාණයන් කිසිවකටත් තව කෙනකුගේ ඉරණම තීරණය කළ නොහැකි බවටත් මා ඇයට පැහැදිලි කළා.


දෙවියන්, භූතයන්, යකුන් හා ගනුදෙනු කරන්නේ කපටින් හෝ මානසික රෝගීන්ය. බොහෝ විට මේ මනඃකල්පිත නිර්මාණයන්ගෙන් පීඩා විඳින්නේ මානසික ව්‍යාකූලතාවන්ට ලක්වූ අහිංසක මිනිසුන්ය. මෑතකදී හත් අට දෙනකුම එක්වී කයිට්ස් හිදී ද්‍රවිඩ පාසල් දැරියක්ව දූෂණය කර මරා දමන තුරු නිහඬව සිටි මේ නා නා විධ දෙවිවරුන් ගැන තවදුරටත් විශ්වාසය තැබීම කොතෙක් නම් සාධාරණ දැයි මට නම් නොතේරේ. මේ බලවේග විශ්වාස කිරීමේ මූලික හේතුව මිනිසාගේ තර්කානුකූල බුද්ධිය හීනවීම යයි මට සිතේ.


වෛද්‍ය ජනක ජයසූරිය
ශික්‍ෂණ රෝහල මහනුවර

 


ඡායාරූප- ගලගෙදර චමෝද් විජේසූරිය.

m