“බ්‍රවුන්රිග්ගේ ලැයිස්තුව කටු ගානු-උඩරට 18ක් විරුවන් කරනු“


කැප්පෙටිපොල දිසාව ඇතුළු මහනුවර රාජධානියේ නායකයින් 19 දෙනකු ද්‍රෝහීන් ලෙස නම් කරමින් එංගලන්ත ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් 1818දී නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලයි.

1818 දී බ්‍රිතාන්‍ය රජ කිරුළට විරුද්ධව අරගල කළැයි කියමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය.

රට ජාතිය වෙනුවෙන් සටන් කළ නායකයන් අවුරුදු 200ක් පමණ කාලයක් ද්‍රෝහීන් ලෙස නම් කැර සිටි බවත් එය අවලංගු කර එම නායකයින් 19 දෙනා ‘වීරයන්‘ ලෙස නම් කරන ලෙසත්  අමාත්‍යවරයා ජනපතිගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසිය.

  1. කැප්පෙටිපොල දිසාව
  2. කිවුලගෙදර මොහොට්ටාල
  3. ගොඩගෙදර රටේ අධිකාරම්
  4. කැටකාල මොහොට්ටාල
  5. මහ බෙත්මරාළ
  6. කුඩා බෙත්මරාළ
  7. පොල්ගොල්ල මොහොට්ටාල
  8. වත්තේ කැළේ මොහොට්ටාල
  9. පොල්ගහගෙදර රෙහෙනරාළ
  10. පොස්රේවත්ත විදානේ
  11. යාලගොම්බේ මොහොට්ටාල
  12. උඩුමදුරේ මොහොට්ටාල
  13. කොහුකුඹුරේ රටේරාළ
  14. කොහුකුඹුරේ වලව්වේ
  15. මොහොට්ටාලේ බුටුවේ රටේරාළ
  16. බගිනිගහවෙළ රටේරාළ
  17. මහබදුල්ලේ ගම්මානේ රටේරාළ
  18. බුලුපිටියේ මොහොට්ටාල
  19. පල්ලේ මෙල්හෙයායේ ගමැතිරාළ

කැප්පෙටිපොළ දිසාවගේ ඇතුළු නායකයින්ගේ පවුලේ අය ගැන හෝ ඥාතීන් ගැන විස්තර ඇතොත් අමාත්‍යංශ ලේකම් දැනුවත් කරන ලෙසද අමාත්‍යංශය  ජනතාවගෙන් ඉල්ලයි.