හමාස් සංවිධානයේ ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250 ක පිරිසක් සිටින බවය.
‘සුදුසු වාතාවරණයක්’ උදා වුණු සැණින්, තම ග්‍රහණයේ පසුවන එම පිරිස මුදා හැරීමට පියවර ගන්නා බව ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත.
පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් තුර්කි රජය ‘ක්වසාම්’ බලඇණිය සමඟ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
එම පිරිස අතරේ විදේශිකයන් බොහෝ දෙනකු ද සිටින බව ‘ක්වසාම්’ බලඇණිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)