අදත් තද වැස්ස


දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාත දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 පමණ තද වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ  තැනින් තැන තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට තද වැසි ඇති වේ.

බස්නාහිර,සබරගමුව, දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට තරමක තද සුළං ඇති වේ.