අපිරිසිදු කෑම හැදූ තැන් තුනකට මුද්‍රා :පහකට නඩු


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පන්නිපිටිය සහ දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි  සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු  ආහාර නිෂ්පාදනය කළ ස්ථාන තුනක් දින දා හතරකට මුද්‍රා තබා ස්ථාන පහකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය  කෝසල මුතු කුමාරණ මහතා පැවසීය.

මීට අමතරව හෝටල් ,බේකරි, සහ ආපන ශාලා දොළහකට එරෙහිව නිවේදන නිකුත් කළ අතර දින දහ හතරක් ඇතුලත එම ස්ථාන වල වැරදි නිවැරදි කොට දැනුම් නොදුනහොත් ඊට එරෙහිව ද අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා වැඩි දුරටත් කීය.

පන්නිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඇස්.වන්නි ආරච්චි හා දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඩබ්ලිව් .කේ.ගයාන් ප්‍රසංග මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පැවති මෙම වැටලීමේදී හෝටල් බේකරි ආපනශාලා 37 පරීක්ෂාවට ලක් කෙරිණි.