අයවැයෙන් පසු තේ පැන් සංග්‍රහයට ජනපතිත් එක් වෙයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2022 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් ද අයවැය කතාව ඇසීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවන් සහ සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සහභාගී වී සිටි අවස්ථාවන් ඡායාරූපවල දැක්වේ.