අසූර් එයා ලංකාවට


(ටී.කේ.ජී.කපිල)

රුසියාවේ සිට එහි තවත් විශාල ගුවන් සේවයක් වන අසූර් එයා (Azur Air) ගුවන් සේවයේ පළමු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (03) උදෑසන  පැමිණියේය.

රුසියාවේ ප්‍රධාන නගර 04 ක් වන වෙනුකෝවෝ  (Venukovo), ටොල්මැචේවෝ  (Tolmachevo), ක්‍රාස්නෝයාස්ක් ( Krasnoyarsk ) සහ සාන්ත පිටස්බර්ග්  (St:Petersburg) යන නගර වල පිහිටි ගුවන් තොටුපළ වල සිට සතියකට දින 04 ක් , එනම් බ්‍රහස්පතින්දා , සිකුරාදා , සෙනසුරාදා සහ ඉරිදා යන දින වල මෙම  ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම  පළමු ගුවන් යානය රුසියාවේ සිට රුසියානු සංචාරක ගුවන් මගීන් 333 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත අද (03) උදෑසන 09.45ට පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.