අහුංගල්ලේදී වෙඩි කෑ ලොකු පැටීගේ මල්ලී පොඩි පැටී මරුට


(එම්.සුසිල් පියන්ත සහ ගයාන් සූරියආරච්චි)

අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී  අද සන්ධ්‍යා කාලයේ  සිදුවූ වෙඩි තැබීමෙන් පාතාල නායක අහුන්ගල්ලේ ලොකු පැටීගේ මල්ලී මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය තහවුරු කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල වැලිකන්ද සුගත් නුවන් කුමාර නොහොත් පොඩි පැටී නමැත්තා බවද පොලීසිය කියයි.

පොඩි පැටී නමැත්තා අහුන්ගල්ල වැලිකන්ද සිය නිවසේ සිටිය දී පා ගමනින් ඔහුගේ නිවසට පැමිණි අයකු මේ වෙඩි තැබීම සිදු කොට පලා ගිය බවද පොලීසිය කියයි.

මීට කලින් පසුගිය අපේල් මාසයේ 16 වැනිදා ද රාතියේදී අහුන්ගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් බලන්න ගොස් ආපසු සිය නිවස කරා තීරෝද රථයකින් එමින් සිටියදී වෙඩි තැබූ අතර ඔහු එයින්ද ඔහුගේ දිවි බේරී ඇති බවද පොලීසිය කියයි.

පාතාල දෙකක් අතර පවතින ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවක් බව පොලිසිය සැකකරයි.