
(එම්.සුසිල් පියන්ත)
අහුන්ගල්ල ගල්වෙහෙර පදේශයේ අද(4)අලුයම් කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල, ගල්වෙහෙර ,සී.පී ද සිල්වා මාවත ලිපිනයේ පදිංචි හැත්තෑ හතර හැවිරිදි අයෙකුටය.
අද (4) අලුයම 1.55 ත් 2 ත් අතර කාලය තුළදී මේ වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි. එම කාලය තුළදී මේ නිවසට පැමිණි නාදුනන තුවක්කුකරුවකු එහි ජනේලයකින් මේ නිවස තුළට මිලි මීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවත් එහිදී නිවස තුළ සිටි හැත්තෑ හැවිරිදි ගෙහිමියාට වෙඩි වැදී ඇති බවත් පොලීසිය කියයි.
නාදුනන තුවක්කුකරු තැබූ මේ වෙඩි තැබීමෙන් නිවෙස් හිමියාගේ වම් උරහිසට පහලින් වෙඩි වැදී ඇති බවද පොලීසිය කියයි.
සිව් දිනක් තුළ අහුන්ගල්ලේ සිදුවූ මේ දෙවැනි වෙඩි තැබීම බවත් ඔක්තෝම්බර් මස 1 වැනිදා රාතියේ මෙවැනිම ආකාරයට අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුනන තුවාක්කුකරුවකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් තැබූ වෙඩි පහරකින් අහුන්ගල්ලේ පොඩි පැටී නමැත්තා ජීවිතක්ෂයට පත්වූ බවද පොලීසිය කියයි.
මේ වෙඩි වැදීමෙන් මිය ගිය පොඩි පැටී නමැත්තා පාතාල කියාකාරී අහුන්ගල්ලේ ලොකු පැටී නමැත්තාගේ සොහොයුරෙකු බවත් පොලීසිය කියයි.

