
(අංජුල මහික වීරරත්න)
වන සත්ව හා වෘක්ෂලතා (නම් කරන ලද ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම) නියෝග හඳුනා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආදි වාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික ජීවනෝපාය සහ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන, පවතින නීති කෙරෙහි වඩාත් සංවේදී වෙමින් ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු වල නිරත වීම සුරක්ෂිත කිරීමට හැකි වන පරිදි විධිමත් නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ආදිවාසී ජනතාවගේ පැවැත්මට මූලික වන, යම් රජයේ ඉඩමක් මත ක්‍රියාත්මක කිරීමට නීතියෙන් හෝ චාරිත්‍රයෙන් හෝ ව්‍යවහාරයෙන් හෝ සාම්ප්‍රදායික පරිචය අනුව අත්කර ගෙන ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ලියාපදිංචි වූ ආදිවාසී ප්‍රජාවේ සාමාජිකයෙකුට අදාළ ප්‍රදේශ තුළ නම් කරන ලද ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දීමට හැකි වන පරිදි (469 වන අධිකාරය වූ) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ වන සත්ව හා වෘක්ෂලතා (නම් කරන ලද ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම) නියෝග සකස් කරනු ලැබ තිබේ. එකී නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

