(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර මාමා සහ බෑනා වන බවද පොලිසිය කියයි.සෙසු පුද්ගලයා මාර්ගයේ ගමන් ගත් අයකු බවද පොලිසිය සඳහන් කරයි.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා මත්පැන් පානය කර කෑ කෝ ගසමින් සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ තුවාල ලද මාමා සහ බෑණන්ඩිය ඔහුට කෑගසන්නට එපා යැයි පැවසීමේදී
නිවස තුළට ගිය ඔහු කොල පාරට හුරු කෝප්පයක් රැගෙන විත් තමන් දෙසට එල්ල කළ බව හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කල බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරේ