ජනප්‍රිය මෘදුකාංගයක් වන, 'ටික් ටොක්' ඇතුළු තවත් චීන මෘදුකාංග 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
මෙම මෘදුකාංග ඉන්දියාවේ ස්වෛරීභාවයට තර්ජනයක් බවද, ප්‍රාන්තවල සහ මහජනයාගේ ආරක්ෂාවට හානිකරවනසුලු බවද ඉන්දීය රජය ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටී.
ජනප්‍රිය මෘදුකාංගයක් වන 'වීචැට්' මෘදුකාංගය ද ඉන්දීය රජය තහනම් කර ඇත.
පාරිභෝගිකයන්ගේ දත්ත අනිසි ආකාරයෙන් යොදාගනිමින් සහ සොරාගනිමින් සිටින බවට විවිධ පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම මෘදුකාංග තහනම් කළ බව ඉන්දීය තොරතුරු සහ තාක්ෂණ අමාත්‍යංශය පවසයි. මෙය අතිශය බැරෑරුම් තත්වයක් බවද, ක්ෂණිකව පියවර ගත යුතුව තිබූ බැවින් තහනම් කළ බවද අමාත්‍යංශය සඳහන් කරයි.
ටික්ටොක් වීඩියෝ නිපදවන සමාගමෙහි මව් සමාගම වන බයිට් ඩාන්ස් ආයතනයේ ප්‍රධාන ශාඛාව පිහිටා ඇත්තේ, චීනයේ බීජිං නුවරය. එම මෘදුකාංගය ලොව පුරා ව්‍යාප්තවීමට පෙර චීන වෙළඳපොළෙහි පළමුව පැතිරගොස් තිබිනි. ඉන්දියාව වනාහි ටික්ටොක් මෘදුකාංගයට මිලියන 120ක පමණ පාරිභෝගිකයන් සිටින විශාලතම විදේශීය වෙළඳපොළයි.
ටික්ටොක් වීඩියෝ, ජනප්‍රියවීමත් සමඟ පාරිභෝගිකයන්ගේ දත්ත සූක්ෂමව චීනය වෙත යැවෙන බවට වූ චෝදනාවකට ලක්වීමට ද එම සමාගමට සිදුවිය. එම චෝදනා කළ පිරිස අතර බහුතරය ඇමරිකාවේ වූ අතර, එම ආයතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමටද ඇමෙරිකාවෙන් පිරිස කැඳවා තිබිනි. කෙසේවුවත් ටික්ටොක් මෘදුකාංගය නිපදවූ ආයතනය එම චෝදනා සෘජුව ප්‍රතික්ෂේප කළේය.
ඉන්දියාවේ මෙම පියවර සම්බන්ධයෙන් චීනය දැඩි අවධානය යොමු කර ඇත. මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය සොයාබලන බවද, චීනයේ විදේශීය අමාත්‍යයේ ප්‍රකාශකයකු වන ෂාඕ ලීජැයෑන් මහතා පැවසීය. චීනයේ වානිජ කටයුතු සම්බන්ධයෙන් පවත්නා අයිතීන් පිළිබඳව ඉන්දියාවට වගකීමක් ඇති බවද ඔහු සඳහන් කළේය.
(බීබීසි ඇසුරිනි)
16844