ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් එම ගුවන් ප්‍රහාරය එල්ල කළේ කඳවුරේ සැඟවී සිටි හමාස් සටන්කාමීන් සහ හමාස් සටන්කාමී නායකයන් කීප දෙනකු ඉලක්ක කර ගනිමින් බවය.
(අල් ජසීරා)