ඊශ්‍රායලයෙන් යේමනයට ප්‍රහාර


යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ, යේමනයේ, රාස් ඉසා සහ හොඩෙයිඩා යන පළාත්වලට මෙසේ පහර දුන් බවය.

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි හවුති සටන්කාමීන් ද ප්‍රතිඥා දී ඇත.

යේමනයට එල්ල කළ ප්‍රහාරවලින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් පුද්ගලයන් රැසක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(අල් ජසීරා)