(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයේ ඉහළකෝට්ටේ හා බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (21) පස්වරුවේ විශාල ගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වී පවතින බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පවතින බවත්, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කරන හා බදුල්ල හා මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් මේ හේතුවෙන් ප්‍රමාද විය හැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරි ප්‍රකාශකයෙකු කීය.
දුම්රිය මාර්ගයට වැටී තිබු ගස කපා ඉවත් කිරීමට පියවර ගෙන උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි සිදු කිරීමට පියවර ගනිමින් සිටින බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරි ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.