කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි


කාසල්රී ජලාශය වාන් දැමීම 


(ශාන්ත චන්ද්‍රසිරි)

උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි.

ඉහළ කොත්මලේ, කාසල්රී සහ විමලසුරේන්ද්‍ර යන ජලාශයන්ගේ වාන් දොරටු මෙසේ විවෘත කර තිබිණි.

එම ජලාශයන්ගේ පහල  ගංගා ප්‍රදේශවල මේ හේතුවෙන් ජල මටටම් ඉහළ යාමේ අවධානමක් මතුව ඇති බැවින්, ජලාශ පහල ගංගා දෙපස පදිංචි  ජනතාව වඩාත් අවධානයකින් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා  ඉල්ලා සිටී.

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම 


ඉහළ කොත්මලා ජලාශය වාන් දැමීම