(සුමිත් පොතුපිටිය)
ධනවත් වයෝවෘද්ධ යුවලකට මරණ තර්ජනයකර රුපියල් ලක්ෂ 40 ක කප්පමක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
දරුවන් ඇමරිකාවේ පදිංචිව සිටින ධනවත් 76 සහ 75 හැවිරිදි යුවළ වසර කිහිපයකට පෙර ඔවුන්ට අයත් ඉඩමක් විකුණා ඇති අතර මේ බව දැනගත් සැකකරු ඔවුනට මරණීය තර්ජන එල්ලකර රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි .ෙඑම යුවල මීට මාස කිහිපයකට පෙරද අධික මිළකට තවත් ඉඩමක් විකුණා ඇති අතර , මේ බව දැනගත් සැකකරු නැවත මරණීය තර්ජන එල්ලකර තවත් රුපියල් ලක්ෂ හතලිහක් ඉල්ලුම් කර තිබු බවට පැමිණිල්ලක් කල බවද පොලිසිය සදහන් කරයි.