කලගෙඩිහෙනෙන් නුවර පාර වහයි


(ආනන්ද ඉ ජයකොඩි සහ තිලකරත්න දිසානායක)

කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හල අසල දින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන නවතා ගෙන පෝලිමේ සිටි විශාල පිරිසක් ඉන්ධන නොලැබීම හේතුවෙන් අද 17 පස්වරු 07.30 ට පමණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය වාහන හරස් කර උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

ඉන්ධන වහා ලබා දියව් ගෝඨා පන්නමු ඇතුළු විවිධ සටන් පාඨ කියමින් පිරිස උද්ඝෝෂණයේ යෙදී සිටින අයුරු දැක ගන්නට ලැබුණි.

පාර වසා උද්ඝෝෂණය ආරම්භ වී ටික වේලාවක් යද්දී බෙම්මුල්ල, ගම්පහ, වීරගුල, යක්කල හා නිට්ටඹුව යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියත් පිරිස දිගටම උද්ඝෝෂණයේ යෙදී සිටින අයුරු ද දැක ගත හැකි විය.

මාර්ගය දෙපසට දිගු වාහන පෝලිම් පැවතුනු අතර ඉතිරි වී ඇති  කුඩා ඉඩ ප්‍රමාණයකින් වාහන සුළු ප්‍රමාණයක් ධාවනය වන අයුරුද දැක ගන්නට ලැබුණි.