
(රෝෂන් තුෂාර)
රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි කියමින් ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ රුපියල් මිලියන 70ක මුදල සාවද්‍ය පරිහරණය කලේ යයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා අල්ලසක් ලබා දුන්නේ යැයි කියන එම සමාගමේ අධ්‍යක්ෂ වරිය ලබන 16 තෙක් යළි රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (06) නියෝග කළේය.
කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3 ක ඉඩම බදු පදනම් මත ලබා ගැනීමට ට අල්ලසක් ලබා දුන්නේ යැයි කියන ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන හා අල්ලස් ලබා ගත්තේ ඇයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවන් මෙසේ යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන්ට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදින16 ඉදිරිපත් කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම් විරෝධතා පිළිබඳ ලිඛිත දේශන ලබන 12 දින අධිකරණයට ගොනුකරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.්
ඡායා ශාන්ත රත්නායක



