කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි


  (   මහින්ද  නිශ්ශංක)

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද උඩරට මැණිකේ ඇතුළු දුම්රිය පහක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.

කොටුව _බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 8.30 ටද බදුල්ල _ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය සවස 6.30 ට පිටත් වන දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් උදේ 8.30 බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය පිටත් වන අතර උදේ 9.45 ට කොටුව සිට බදුල්ල දක්වා තවත් දුම්රියක් පිටත් වන බවද පාලක මැදිරිය පවසයි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.30 ට පිටත් වන උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන බවත් දෙපාර්තමේන්තුව පවසයි.