කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය


(ආරියරත්න රණබාහු සහ ගයාන් සුරියආරච්චි)

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 28ක්ද ස්වාධීන කණ්ඩායම් 22 ක්ද නාම යෝජනා ඉදිරිපත් කළ බවද ඒ මහතා කීය.

මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් වල  නායකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එම පක්ෂයේ කණ්ඩායම් නායිකා හරිනි අමරසුරිය අගමැති නියද මෙම අවස්ථාවට එක්ව සිටියාය.