ගාසා වැසියන් ඝාතනය වහා නවත්වන්න – ඉරානය


ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කළේය.

ඉරාන උත්තරීතර නායකයා මෙසේ පැවැසුවේ, ගාසා තීරයේ අල් ආහිල් රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාව බෝම්බ හෙලීමත් එයින් පලස්තීන වැසියන් 500 දෙනකු මියයෑමත් හේතුවෙනි.

පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ මරා දමන්නේ නම්, ඊශ්‍රායලයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බව ද ඉරාන උත්තරීතර නායකයා පවසා තිබේ.

(අල් ජසීරා)