(රංජිත් රාජපක්ෂ)
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝටන්බ්‍රිජ් ඔස්බොන් දමිල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටි අංගමුත්තු දයාබරන් නැමති තිදරු පියෙකි(45).
පාසලේ අද දින පැවති සරස්වති පුජාවට සහභාගිවි සිටියදි එකවරම එම ගුරුවරයා තම පපුවේ වේදනාවක් ඇති බව පවසමින් එකවරම බිම ඇද වැටී ඇත,
රෝගාතුර වු ගුරුවරයා පසුව පාසලේ සෙසු ගුරුවරුන් එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කරන අවස්තාවේ ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.