ජනපති ධර්මරාජ්ට අවසන් ගෞරව දක්වයි


(අංජුල මහික වීරරත්න)

අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද  ගියේය.

ධර්මරාජ් මහතාගේ දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා ධර්මරාජ්  මහතාට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කර සිටියේය.

.


(ඡායාරූප: ශාන්ත රත්නායක)