ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්


ගාසා වැසියන්ට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීමට ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් හමුදාව මැදිහත් වීමෙන් ඉදි කෙරෙන එම වරාය හරහා ගාසා තීරයේ පලස්තීන වැසියන්ට දෛනිකව ලබා දෙන මානුෂීය ආධාර වැඩි කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)