ඥානසාර හිමි ගිහි ඇදුමෙන් අධිකරණයට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ  ඥානසාර හිමියන් වෙනත් නඩුවක් සඳහා  අද (6) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ  චීවරයෙන් නොවන බව බන්ධනාගාර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි

ඥානසාර හිමියන්ද වෙනත් සාමාන්‍ය සිරකරුවන්  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යන ආකාරයට සුදු සරමක් සහ කමිසයක් අන්දවා රැගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි

සුළු වැරදි සිදුකර සිරගත වන භික්ෂූන්ට චීවරයෙන් සැරසී  අධිකරණය වෙත ඉදිරිපත් වීමට අවසර ලබාදීමට බන්ධනාගාර අධිකාරීවරයාට අවසර ඇතත්  බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ භික්ෂූවකට   චීවරයෙන් සැරසී අධිකරණයට ඉදිරිපත් වීමට බන්ධනාගාර අධිකාරීවරයාට අවසරට ලබාදීමට  හැකියාවක් නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි