ඥානසාර හිමිට පැනවූ දඬුවම් ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්


(රන්ජන් කටුගම්පොල)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ අපහාස සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් නියම කර ඇති සිර දඬුවම්වල ඉතිරි කාලය ගෙවීම සඳහා ඒ හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

නීතිපතිවරයා  මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් අනුව ඒ හිමියන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණත් ඒ හිමියන් නොපැමිණීම හේතුවෙන් පළමුව වරෙන්තු නිකුත් කළ අතර පසුව අධිකරණයට භාර නොවීම හේතුවෙන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළේය.

ඊට අමතරව ඥානසාර හිමියන් විදේශ ගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කර ඇත.

ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කරන ඇත.

මේ සිද්ධියට සම්බන්ධ නඩුකරකය අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණ.

ඡායා සුමුදු හේවාපතිරණ