(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු වෙනත් අපේක්ෂයෙකු ජයග්‍රහණය කර ඇති බවට පෙනී යන හෙයින් තමන් දැරූ දකුණු පලාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන බවයි.
තවද තමන් ගැන විශ්වාසය තබා එම ධුරය ලබා දීම ගැන ස්තූතිවන්ත වන බවද ඔහු එම ලිපිය මගින් වැඩි දුරටත් දැනුම් දී තිබේ.
වයඹ පලාත් ආණ්ඩුකාර ධුරය දැරූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් මැයි මාසයේ දී ජනාධිපතිවරයා විසින් දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරිණි.
ඔහු ඊට පෙර ආණ්ඩු කීහිපයකම කැබිනට් ඇමති ධුර,රාජ්‍ය ඇමති ධුර,නියෝජ්‍ය ඇමති ධුර හොබවා තිබුණි.