නිදහස් උළෙල ඇරැඹෙයි


(අංජුල මහික වීරරත්න සහ ගායන් අමරසේකර)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වීම සමග 75 වන නිදහස් සමරුව ඇරැඹිණි.

නිදහස් සමරුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

පොලිස් අශ්වාරෝහක රථ සහ හමුදා රථ පෙරටු කරගෙන ජනපති නිදහස් සැමරුම් භූමියට පැමිණියේය.